අමතක වෙන නිසා මේ සින්දු ටික මේකේ දාල, ට්‍රිප් එක යද්දී අහන්න ඕනේ . :P
වෙන හොඳ ඒවා තියෙනවනම් පින් අයිති වෙයි පල්ලෙහයින් දාන්න. හොඳ playlist එකක් හදාගන්න හිතුණා එකයි.
Monday, January 10, 2011
Sunday, January 9, 2011
අනේ මන්ද.com
ලංකාවේ MC එක ඉස්සරහ හිය්යෙන් FUCK YOU! කියලා phone එකෙන් කාට හරි බැන්නොත් අපේ කට්ටිය එම පුද්ගලයාව දේවත් වයේ ල සලකනවා. මොකද kadda හොඳයි නේ. බැරි වෙලාවත් සිංහලෙන් කුනුහරුපයක් කිව්වොත් ඒ මනුස්සය ඉවරයි.
ලංකාවේ ශේප් එකේ ජීවත් වෙන අපි වගේ කට්ටියට ඒ කියන්නේ මේ Campus යන්න තරම් ම මොලයක් නොමැති, නමුත් ශේප් එකේ මොලයක් ඇති, ගෙදරට චා නොවී (පොළොවට බරක් නොවී) සල්ලි මිටි ගණන් ගැන සිහින දකිමින් දවසේ 8-5 වැඩ කරලා, කන්න තියෙන කටු/කැපිලි ඔක්කොමත් කාලා හවස හීනියට දෙකක් දාගෙන ගෙදර ගිහින් සින්දුවක් අහල/ ගහල හෝ මලක් කඬල තනි අර්තල් එකක් අරන් බුදිය ගෙන අර්පහු ඊළඟ දවසෙත් එකේම repeat telecast දාන කට්ටියක් ව එකවර අතරමැදියට මතක් විය.
මතක් උන කියල එච්චරට දෙයක් කියන්න නැති උනත්, ඔය ඉහත සඳහන් කල ජීවිත ගත කරන කට්ටිය, තව අවුරුදු දෙක තුනක් ඔහොම ඉඳීවි. ඉඳල පවුල් පන්සල් වෙලා අර්පහු ගෙවල්/බැංකු නය ගෙවා ගෙවා තව අවුරුදු 30 ක් 40 ක් ජීවත් වේවි. ඊට පස්සේ මුණුබුරන් ගේ දරු සුරතල් බල හෝ නොබලා හෝ ඉන්න තෙනකින් (බොහෝවිට මහලු මඬමකින්) චුත වේවි.
හරි ඔක්කොම හරි. දැන් එතකොට ඊට පස්සේ? දැන් ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද අපහු උපදින්නේ කියන එක.( බොහෝ ආගම් වලට අනුව) පින් කලොත් සැප කනේ. නැත්තම් බඬූ packet ලු. එහෙම තම අපේ Extremist Buddhist ල ඔක්කොම කියන්නේ. කොහොම හරි එකත් පැත්තකින් තියමු. කාටද ජීවත් උණින් පස්සේ මතක තියෙන්නේ? ඉන්න ටිකේ ජීවත් වෙන ටික විතරනේ මතක. එතකොට දැන් මරණින් මතු ජීවිතය අපායට ගියොත්? එකත් ඉතින් මැරුණට පස්සේ බලාගමු කියලා කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්නයි තියෙන්නේ. දැන් එතකොට අපායේ යන්නත් දිවය ලෝකේ යන්නත් Cut off ලකුණු තීරණය කරන්නේ කව්ද? දෙවි කෙනෙක් කියලා නං කියන්නෙපා ඉතින්. දන්නේ නැති මගුල් වලට හෙම දාම අපේ කට්ටිය දෙවිවරු ගේ නම් දාල උන් දීපු දෙයක් කියලා. මොනරු විසිවෙනවා. ආගමික නායකයා රජ වෙනවා.
අනේ මන්ද. මේවාට අතරමැදිව අපිත් CCTV camera ඉදිරියේ Act කොරනවා.

Friday, November 12, 2010
Manzer ලංකාවට වැඩම කරයි!!
![]() |
| Manzer Gig poster |
Manzer යන ප්‍රංශ Black/Thrash metal band එකේ ආසියානු සංචාරයට අපේ ලංකාවද ඇතුලත් වෙලා තියෙනවා. මෙම ප්‍රසංගය ලාංකීය heavy metal කලාවේ තවත් එක් සංධ්ස්ථානයක් වනු නියතයි. ගිය වසරේ ලංකාවට පැමිණි ඇමරිකානු As i Lay dying සංගීත කණ්ඩායම සහ මැද පෙරදිග Nervecell සංගීත කණ්ඩායම් මෙන් මෙම ප්‍රසංගයද සාර්ථක වනු දැකීම අතරමැදියාගේ පරම සතුටකි. කෙසේ වෙතත් Funeral in Heaven නම් වූ සුවිශේෂ Hela black Metal කණ්ඩායමෙහි මැදිහත් වීමෙන් මෙම ප්‍රසංගය 14 වන ඉරුදින කොළොඹ හත Clancy's Pub and Restaurant යන ස්ථානයෙහි පස්වරු 4 සිට පැවැත්වීමට නියමිතයි.
කැමැත්තෝ පැමිනෙත්වා!! මෙතනින් බලන්න gig trailer එක..
Sunday, October 24, 2010
Rob Zombie නම් වූ මාරයාගේ භුමිකාව
1965 ජනවාරි 12 වැනිදා උපත ලැබූ Robert Bartleh Cummings නම් වූ දක්ෂ සංගීතඥයා, අද්යක්ෂකවරයා ගේ චිත්‍රපට දෙක තුනක් එක දිගට නැරබීමට අවස්තාවක් අතරමැදියාට ලැබුණි.
House of 1000 Corpses The Devil's Rejects සහ The Haunted World of El Superbeasto එම චිත්‍රපට වෙයි. මෙම චිත්‍රපට සියල්ල horror/gore ගණයට අයත් වන බැවින් එය horror නොබලන කිසිවකුට රෙකමදාරු නොකරන්නට අතරමැදියා වග බල ගතිමි .
ආසියානු horror චිත්‍රපට වලට සමගාමීව Zombie ගේ චිත්‍රපටවලද හොඳ කතාවක් ඇති බවද එය පිටතින් බලා තීරණයකට එළඹිය නොහැකි වීමද මෙහි විශේෂත්වයකි. කෙසේ වෙතත් මනුෂ්‍යාගේ ඇති කාලකන්නි කම, උද්ධච්ච බව සහ තවත් කෙනෙකු පහත කොට සැලකීම හා එහ සමග බැදුණු ක්‍රෝධය සහ පලිගැනීම් මොහුගේ චිත්‍රපට තුල අන්තර්ගතව ඇත. හොඳ නරක පිටතින් හදුනාගත නොහැකි තත්වයකට ප්‍රේක්ෂකයා අද දැමීමට Rob Zombie සමත් ව ඇති බව සහ ස්ථානොචිත දෙබස්, කැපිලි කෙටිලි ආදී නොයෙකුත් දේ අඩංගු කර තැනුණු මෙම චිත්‍රපට Grindhouse ආකාරයක් ගෙන ඇති බවද පෙනේ.
The Lords of Salem 2011 දී තිරගත වීමට නියමිතව ඇත. එයත් ඉතා හොඳ නිර්මාණයක් වනු නියතයි.

Labels:
gore,
grindhouse,
horror,
Rob Zombie
Sunday, August 15, 2010
බඹර වළල්ල හා අතරමැදි සිංහල සිනමාව
සිංහල සිනමාව තරම් චා වෙච්ච දෙයක් ලංකාවේ වෙන නැතුව ඇති කියා අතරමැදියා සිතයි. එසේ සිතීමට මහා ඥානයක් හෝ බහුශ්‍රුත බවක් අවශ්‍ය යයි නොසිතමි. තුට්ටු දෙකේ, පියඹා යන සහ අලි වැඩ ඇති ෆිල්ම් වල රඟපාන අපේ ටැලන්ට් ඇති/නැති, කලාකරුවෝ යයි කියා ගන්නා අය සහ හැම රෙද්දටම ඉතා හොඳ පවුලේ සැමට සතුටු විය හැකි යයි කියනා අයද සිටිති. කෙසේ වෙතත් අතරමැදියා බඹර වළල්ල නමැති චිත්‍රපටිය බැලීමට ගියේද තවත් එක චිත්‍රපටියක් බැලීමේ අටියෙනි. MC එකේ තියෙන ක්‍රියාදාම චිත්‍රපටිය නොබැලුවේ බටහිර ක්‍රියාදාම චිත්‍රපටි සඳහා තියෙන අකමැත්තම නොවුනත් මුදල් නොමැති බව ඊට ඉහලින් ඔලුවේ රැවු දුනු බැවිනි.
කෙසේවුවත් 2.30 show එකට අතරමැදියා ගියේ 2.45 ට පමණ වූ නිසා පලමු විනාඩි කිහිපය මගහැරුනි. එය අවුලක් වෙන එකක් නැති බව අතරමැදියා සිතුවත් පළමු බාගය නිමා වෙද්දී එම විනාඩි කිහිපය නොබැලු හෙයින් අතරමැදියාට කතාව අල්ලාගැනීමට මද වෙලාවක් ගියේය. මෙම ලිපියෙන් spoiler එකක් දෙනවට වඩා අතරමැදියා ට සිතුනු දෙය මෙහි ලියා ඇති බව කිව යුතුයි .
ඉතා රසවත් සහ මතක හිටින දෙබස් ඇතුලත් මෙම චිත්‍රපටිය මහේන්ද්‍ර පෙරේරා ගේඅපූරු රංගනයෙන් ඔප මට්ටම් වී ඇති බව පිළිගත යුතුමයි. අතුල ලියනගේ, ශ්‍රියන්ත මෙන්ඩිස්, දමිත අබේරත්න, වැනි හොඳ කලාකරුවන් රැසක් සිටිනා නිසා කිසිම විදියකින් වත් කතාව පිට යන්නේවත් නීරස වන්නේවත් නැත.
පොඩි එකා ගේ චරිතය සහ මැල් මහත්තයා ගේ හමුවීම මගින් කතාව ඇරඹෙන "අමුඩයේ සිට ඩෙනිමට" යන කියමන සනාථ කරවීමට ගත උත්සාහය ඇති සාර්ථක වී ඇති බව අතරමැදියා ගේ අදහසයි. මෙවැනි චිත්‍රපටිය කට රු 300/= , බැල්කනි ටිකෙට් එකක් මිලදීගෙන Regal ශාලාවේ සෙනසුරාදා හවස බිලිදීම ජීවිතයේ අතරමැදියා ගත් හොඳ තීරණයක් වූ බව නොඅනුමානයි.
ඔය කොයි ම දේටත් වඩා ඔය ඉහත කියන සිනමාව චා කරපු පුද්ගලයින් මෙවැනි චිත්‍රපටි නරඹා පොඩියට influence වනවා වත් දැකීම අතරමදියාගේ එක්තරා සිහිනයක් විය හැක.

බඹර වළල්ල,
සිංහල සිනමාව
Tuesday, August 3, 2010
නූතනවාදී සතුට සහ තකතීරු දේව විශ්වාස
අතරමැදියා අද කියන්න යන්නේ අමුතු කතාවක්. පහල දැක්වෙන කතාව Trainspotting නම් වූ කතා පොතෙහි එන Renton නම් වූ පුද්ගලයාගේ දෙබසකි. ඔහු කියනා දෙය සංවේදී ඕනෑම කෙනෙක්ට වටහා ගත හැකි යයි අතරමැදියා සිතයි. මෙතැනදී සංවේදී යයි කීවේ බහුශ්‍රුත බවට නම් නොවේ. අතරමැදියා සිතන ආකාරයට නම් සංවේදී බව සහ බහුශ්‍රුත බව එකිනෙකට වෙනස් නමුත් පොදු අවයව ඇති සංකල්ප දෙකකි. පහත දැක්වෙන දෙබස කියවා බලන්න. එය ඇත්තේ නම් ඉංග්‍රීසියෙනි.
"Choose life. Choose a job. Choose a career. Choose a family. Choose a fucking big television, Choose washing machines, cars, compact disc players, and electrical tin openers. Choose good health, low cholesterol and dental insurance. Choose fixed- interest mortgage repayments. Choose a starter home. Choose your friends. Choose leisure wear and matching luggage. Choose a three piece suite on hire purchase in a range of fucking fabrics. Choose DIY and wondering who you are on a Sunday morning. Choose sitting on that couch watching mind-numbing sprit- crushing game shows, stuffing fucking junk food into your mouth. Choose rotting away at the end of it all, pishing you last in a miserable home, nothing more than an embarrassment to the selfish, fucked-up brats you have spawned to replace yourself. Choose your future. Choose life... But why would I want to do a thing like that?"
උදේ පාන්දර smoke up එකක් දැමු පමණින් අතරමැදියාට බයිබලයක් හෝ කුරානයක් ඉතා පහසුවෙන් ලිවිය හැක. බයිබලහි ඇත්තේ ඉතා රසවත් සුරංගනා කතා පමණකි. පන්සීය පනස් ජාතක පොතෙහිද තත්වය එසේමයි. කුරානය නම් මෙලෝ රහක් නැති සෙට් එකක් ලියා ඇති බව පෙනුණු නිසා අතරමගදී කියවීම නවතා දැම්මේය.

මෙය මදක් සිතා බැලු කෙනෙකුට අප ගත කරනා මෙම කාලය ගැන කුමක් සිතෙන්ට ඇද්ද? අපිට ආගමක් සහ ජාතියක් ඇගේ ගසා අනුන් පෙරලමින් කෙසේ හෝ ජීවත්වීම ම නොවේද සමාජය විසින් හඳුන්වාදී ඇත්තේ?උදාහරණයක් ලෙස මදක් සිතා බලන්න කිසිම ආගමක් (බුද්ධාගමත් ඇතුළුව) නොඇදහමින් අපට මෙම ලාංකීය සමාජයේ පාරකටවත් බැසිය හැකිද කියා? මෙසේ කියමින් ආගමක් ගැන වැරදි අදහසක් දෙනවා යයි කෙනෙක් කීවද අතරමැදියා ට එහි වැරදි සොයනවාට වඩා වැඩ තිබේ. අතරමැදියා අසන්නේ අපට ආගමක අවශ්‍යතාවය කුමක් ද යන්නයි.
අතරමැදියා සිතන විදියට මිනිසා කරදරයක පැටලුන විගස නොපෙනෙන බලවේග පස්සේ දුවයි. එහි ප්‍රතිපලයක් ලෙස විවිද ගස් ගල් වන්දනාමාන කිරීමඇරඹේ. එයින් අපහට ගැලවිය නොහැක. මන්දයත් එහි සබැ අරුතක් ඇති බවට අපගේ මොලවල් තුලට විෂබීජ එක්කර ඇති බැවිනි. අපගේ දූ දරුවන්ටද එම කතාවමය. වරක් අතරමැදියා සුරූපී ලඳුන් දැක ගැනීම සඳහාම කතෝලික පල්ලියකට ගියේය. කිසිම දේව විශ්වාසයක් වත්, ඇදහිල්ලක් වත් නොමැති අතරමැදියා පිරිස යාඥා කරද්දී සිනා මුසු මුහුණෙන් සිටියේය. කෙසෙස් නමුත් අතරමැදියා ට සෙට් වෙච්ච දේකුත් නැත. එනමුත් හොඳ අත්දැකීමක් යයි සිතා අතරමැදියා බොක්කෙන්ම සතුටු විය.
උදේ පාන්දර smoke up එකක් දැමු පමණින් අතරමැදියාට බයිබලයක් හෝ කුරානයක් ඉතා පහසුවෙන් ලිවිය හැක. බයිබලහි ඇත්තේ ඉතා රසවත් සුරංගනා කතා පමණකි. පන්සීය පනස් ජාතක පොතෙහිද තත්වය එසේමයි. කුරානය නම් මෙලෝ රහක් නැති සෙට් එකක් ලියා ඇති බව පෙනුණු නිසා අතරමගදී කියවීම නවතා දැම්මේය.
තම ආගම සිරා නම් සහ එක තම ගොඩ යන එකම මග නම් සෑම ආගමකටම ගරු කිරීම මෝඩ කමකි. අනිත් ආගම්වල පිරිසත් තම ආගමට ගැනීම, ගොඩ යන මග ඇති එකම ආගමේ පරමාර්ථය විය යුතුමද? එසේත් නැති නම් අනෙක් ආගම් අදහන පිරිස ඔවුන් ඔවුන් ගේ ආගම අදහනවා යයි කියා තමා ගොඩ යන ආගම වැළඳ ගැනීම මිනිසෙකු වශයෙන් කරන හෙන කුහක කමකි. සිංහලයෙක් නම් එයත් කමක් නැත. මන්ද සිංහලයා තමන්ගේ එකාට සැලකීම ඉතා පහත ආකාරයෙන් කරන බවට ප්‍රසිද්ධ නිසයි.
නූතනවාදී සතුට යනුවෙන් අදහස් කරනා දෙය අතරමැදියා ගේ ජීවන රටාව දන්නා කෙනෙකු හොඳින් දනී.නමුත් එය අතරමැදියාට සාපේක්ෂ බව කිව යුතුමයි. එම නිසා නූතනවාදී සතුට තියා Normal සතුට වත් හරියට කියා දිය නොහැක. පුළුවන් කමක් තිබේ නම් Trainspotting චිත්‍රපටය නරබන්න.
යන්නකලින් මේකත් උපුටා දක්වන්න සිතුණා.
""I do not think that the real reason why people accept religion is anything to do with argumentation. They accept religion on emotional grounds. One is often told that it is a very wrong thing to attack religion, because religion makes men virtuous. So I am told; I have not noticed it." - Bertrand Russell
ආගම කෑවා ඇති. වදින එවුන්ට වැදෙවා! අනිත් එවුන් බලල ආතල් ගනිත්වා!
Labels:
religion,
Trainspotting
Monday, August 2, 2010
Hikka Fest සහ Colombo Death Fest
අපි හැමෝම දන්නා විදියට හික්කඩුවේ තමයි කවුරු කවුරුත් කියන විදියට happening weekend එක තිබ්බේ. නමුත් අතරමැදියා Colombo Death Fest එකේ නම් මාර අත්දැකීමක් ගත්තේ. ඒ වෙන කාරණයක් නිසා නම් නෙවෙයි, වෙනදා දකින gigs වලට වැඩ Colombo Death Fest gig එක වෙනස් වෙච්ච නිසා.
Hikka වලත් ෆන් එකක් ඇති. අතරමැදියාට ඒ ෆන් එක සෙට් වෙන්නේ නැති නිසා, Tyronne Silva ගේ ෂෝ එක බලන්න ගියා. එතුමා ගේ drumming නම් පිස්සු. මුලින් Progrssive/Melodic Metal ගහල අන්තිමට අපිට පෙන්නුවා German Tech. Death drumming කොයි වගේද කියලා.
අන්තිමට Tyronne අයියා කියපු කතාවෙන් අතරමැදියාට පොඩි ආඩම්බරයක් ද ඇති උනා අපේ මෙය පොඩි රටේ rock/metal කලාව ගැන . එක නම් හික්ක ගිහින් වැනසෙනවට වඩා ෆන්.
"මට කියාගන්න බැභැ සන්තෝසේ ලංකාවේ metal අහන ගහන කට්ටිය දෙක්කහම " එහෙම කියනවත් එක්කම එතන හිටපු හැමෝටම මාර මොරාල් බූස්ට් එකක් ලැබුණු බව නම් නොකියා බැහැ.
කොහොම වුනත් හික්ක ගිහින් ගන්න බැරි ෆන් එකක් ඊයේ හවස ගත්තා. Tyronne අයියාට අතරමැදියාගේ හද පිරි සුබ පැතුම්. නැවත වරක් ලංකාවට පැමිණීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරමි.
වැඩි විස්තර අවශ්‍ය කෙනෙක් gig Review එකක් ඔනෙය් නම් මෙතනින් ගන්න.

Thursday, July 29, 2010
මාරාන්තික ලවු උණ පැතිරීමේ අවදානමක්
මාරාන්තික ලවු උණක් මේ දවස්වල හෝකන්දර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
දැනටමත් මිනිස් ජීවිත 2ක් පමණ බිලිගත් මෙම මාරාන්තික උණ එක් අතරමැදියෙකු ටත් වැළඳී ඇත. මෙම අතරමැදියාට රාත්‍රියේ නිදා ගැනීමේ දැඩි අපහුසුතාවයක් සහ දවල් හීන පෙනීම/මැවීම ආදී රෝග ලක්ෂණ දැකිය හැකි බව අපගේ ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා. තවද ඔහු උදේ පාන්දර බසයට ගොඩ වෙන්නේද මෙම උණ පැතිරවූ සුරූපී තරුණියකගේ දවල් හීන බලන ගමනි. ඔහුට එම තරුණිය හැබැහින් දුටු කල ක්ලාන්ත ගතියක් ද ඇති වන බව අප සමග පැවසුවා. එම අතරමැදියාට අනුව එම තරුණියගේ දෙඇස් දෙස සිත් වශීකරවන හෙයින් ඇයගේ දෙනෙත් දෙස එකවර බැලීමෙන් මෙම උණෙන් අන්ධ විය හැකි බවද ඔහු තව දුරටත් පැවසුවේය.
තම කාර්යාලයට ගිය විගස ඔහු තම උණ පැතිරීමට සහාය වූ සගයකු ගෙන් උපදෙස් ගනී. එම උපදෙස් එම උණට ගන්නා බෙහෙතක් බව අප සිතුවත් එය මෙම මාරාන්තික ලවු උණ තව තවත් වැඩි කරනා බව වෛද්‍ය මතය වී ඇත. එමනිසා ඔබගේ වටපිටාවේද මෙම මාරාන්තික ලවු උණ පෙතිරවන තරුණියන් සිටිය හැක. වහා ප්‍රවේශම් වන්න.
දැනට ලැබුන ආරංචි මාර්ග අනුව එම අතරමැදියා අසාධ්‍ය තත්වයේ පසුවෙන බව වාර්තා වෙනවා. ඔහුගේ එකම ගැලවීම එම තරුණිය ලවා මෙම උණ සුවපත් කර ගැනීමයි.
සැ.යු. මෙම රෝගය නිට්ටාවටම සුව කල හැක්කේ "විවාහ වීම" යන වස කුප්පිය තම දෙමව්පියන්ගේ අවසරය ඇතිව මිලදී ගත විට බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

love sick,
තරුණිය,
මාරාන්තික ලවු උණ
Wednesday, July 28, 2010
අතරමැදියා ගේ ලෝක විනාසේ !!
ඉස්සර අර හාවාගේ කතාවේ තල් කොලයක් උඩට දෙල් ගෙඩියක් වැටිලා හාවා ගිහින් මුළු කැලේටම කියනවා "ලෝකේ පෙරළෙනවා! දුවපියවූ !!..බෙරගනිවූ.!!" කියලා. ඇත්තටම එහෙම වුනේ නැති වුනත් කවදාහරි මේ ඔක්කොම නැති වෙලා යන එක නම් ටිකක් විතර ෂුවර් කතාවක්.
කොහොමවුනත් අද මේ පොස්ට් එක ලියන ගමන් ඉන්දෙද්දී හෙට හවස 5 ට විතර මුළු විශ්වයම big bang එකක් වෙලා, විනාශ වෙලා, අංෂුවක් වත් ඉතුරු වෙන්නේ නැහැ කියලා කිව්වොත් අපේ මිනිස්සු මොනවා කරයිද? ඊටත් වැඩ මොනවා නො කරයිද? කොහොමහරි අතරමැදියා නම් ෂුවර් එකටම හන්දියට දුවලා හොඳ බයිට් ටිකක් අරන් ඇවිත් ලෝකේ විනාස වෙනකම් යහළුවොත් එක්ක සින්දු කියලා අන්තිම ආතල් එකත් අරන්ම තම චුත වෙන්නේ.මේවා ඔක්කොම දාල යන්න වෙන එක ගැන පොඩි දුකක් ආවත් ඒ දුක පෙරලලා දාමින් පොඩි නිදහස් වීමේ සතුටක් හිතට එනවා.
හෙට හවස 5 ට ඔක්කොම ඉවර වෙන නිසා, හැමෝටම කියන්න වෙන්නේත් නැති නිසා යාළුවන්ට Facebook එකේ thank කරලා යවනවා පොඩි මැසේඦ් එකක්. අවසාන වශයෙන් හරියටම 5 ට චුත වෙන්නත් ඕන නිසා හොඳට සප්පායම් වෙලා මගේ හිත ගිය එම සුරූපිනියට මගේ හදපිරි ආදරය ප්‍රකාශ කරනවා. (කැමති වුනත් නැතත් අවුලක් නැහැ නේ දෙන්නම නැති වෙනවා නේ!!)
5:00 PM - එක පාර මහා ශබ්දයක් ඇසී මුළු අහසම කළුවර වී යයි. උල්කාපාත කැබලි පොළොවට පතිත වන අතර මහා පොලොව දෙබෑ වෙයි. හුස්ම ගැනීමට අපහසු වෙයි. ඔක්සිජන් නැති වී යයි.
5.45 PM - සියල්ල සිදුවී හමාරය. ඉන්පසු යලිත් තවත් කොහේ හෝ ජීවය ඇතිවෙයි. මුල්ම ජීවියා, ඩයිනෝසරයා, වඳුරා, දඩයම් යුගය, ගොවි යුගය ආදිය නැවත ඇති වෙයි. මිනිසා දියුණු වෙයි. ඉන්ටර්නෙට් ඇතිවෙයි, ගූගල් සොයාගනියි ...........................................................
අතරමැදියා යලි බිහි වෙයි....

අතරමැදියා,
ජීවය,
ලෝක විනාසේ
Monday, July 26, 2010
අතරමැදියා ගේ බ්ලොග්මය උත්තමාචාරය
කුමුදු සර් හෙවත් තම තම නැණ පමණින් යන බ්ලොගය පවත්වාගෙන ගිය අපුරු පුද්ගලයා මෙලොවින් සමු ගෙන ඇති නිසාවෙන් මෙම ලිපිය ඔහුගේ නමින් වෙන් කිරීමට අතරමැදියා සිතුවා. අතරමැදියා වශීවූ තවත් ඉතා සංවේදී බ්ලොග් එකක් හැටියට කුමුදු සර්ගේ බ්ලොග් එක හැදින්විය හැක. අද දවසේ බොහෝ බ්ලොග් වලින් ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර අතරමැදියාද ඔහු සිටිනා තැනක සතුටින් විසීමට ඉත සිතින් ප්‍රාර්ථනා කලෙමි.
කුමුදු සර් .. අපිත් කොයි වෙලාවක හරි ඔහාට සෙට් වේවි. එතකන් ඔබට සුබ ගමන් ..

death,
කුමුදු සර්
Sunday, July 25, 2010
අතරමැදියා සහ මල් ගස
අද පෝය. අතරමැදියා හොඳ ට්‍රිප් එකක් ඊයේ ගිය නිසා අද ගෙදර. ඒවාගේම අද අතරමෙදියාගේ දෙමව්පියන්ගේ විවාහ සංවත්සරය. ඔවුන් විවාහ දිවියට පත්වී අද අවුරුදු 27 ක් වෙනවා. දෙමව්පියන් ජීවිතයේ දහසක් කම්කටොලු මැදින් සතුටින් ජීවත් වුන හැටි බ්ලොග්පොස්ට් එකකින් කියල නිම කරන්න බැරි වන නමුත් මේ කියන්න යන්නේ වෙනසිද්දියක්.
ගෙදර කට්ටිය අද පන්සලේ දානයක් බාර අරගෙන. එකට උදේ පාන්දර උයා පිහා ලක ලැහැස්ති වන අතරේ මට මල් කැඩීමේ රාජකාරිය පැවරිණි. ඊයේ ට්‍රිප් එකේ මතින් සිටි අතරමැදියා දෙඇස් අවදි කර මල් ගස වෙත යද්දී, මල් ගහේ කඳ හරියෙන් සියුම් විලාපයක් ඇසිණි.
මම කන් යොමා එම විලාපයට සවන් දුනෙමි. ගහ පවසා සිටියේ තමන්ගේ මල් කැඩීමට මට අය්තියක් නැති බවයි. මෙන්න එම දෙබස.
අතරමැදියා : අහ්..මොකද මේ .. මොකෝ උනේ?
මල් ගස : මගෙන් මෙච්චර මල් කඩන්න එපා ඔයි..මගේ ලස්සන බැලුවට කමක් නැහැ..නිකන් දෙන එකෙ ඔක්කොම කඩාගන්න එපා..
අතරමැදියා : මොකද්ද යකෝ ඒ කතාවේ තේරුම? ..මල් ගස් වල දැන් ගෑස් බලහල්ලකෝ..
මල් ගස : ගාස නෙමෙයි බන්.. හරි උඹ කියපන්..උඹ කැමති ද උඹේ දෙයක් උඹෙන් නිකන් අරන් වැඩක් නැති දෙකට යොදවනවට?
අතරමැදියා : හ්ම්ම්..නැහැ..ඉතින් බන්..වැඩක් නැති දෙයක් නෙමෙයි නේ ..බුදුහාමුදුරුවන්ට නේ පූජා කරන්නේ..?
මල් ගස : අනේ යකෝ..තෝ ඉතින් දන්නවද එකෙන් වෙන පින?
අතරමැදියා : මෙහෙමයි..පිනක් ඇති ..කොහොමත් පොත්වල තියේන්නේ එහෙමනේ?
මල් ගස : හප්පා..තොටත් ගිය කල..තොත් අර පොත්වල මේ පොත්වල ලියල තියනවනම් ඕන දෙයක් විශ්වාස කරනව නෙ?
උඹට මල් පූජා කරයි කියල පින් ද පවු ද කියන්න මම දන්නේ නැහැ..එත් ඒ පිනට හෝ පවට මල් දෙන මට කිසිම දෙයක් නැහැ..හැම හුත්තම මල් කඩන යනවා..
අතරමැදියා : (මල් කඩන ගමන්) උඹ දන්නේ නැති වුනාට මොකක් හරි ඇති බන්..!!
මල් ගස : අනේ මන්ද බන්..කොහොමහරි මල් ටිකක් කඩන පල..හවස මෙතෙනට අර සූස්තිය ඔතන් ඇවිත් ගහපන්..මට ඒ සුවඳ ඇති ලොකු පිනක් ..
අතරමැදියා ඔලුව වනමින් ගෙට ගියේ සමන් පිච්ච මල් තොගයක් කඩාගෙන, දෙමව්පියන් ගේ කුස්සියේ කලබලය කන වැකුණු විගසිනි.

දෙබස,
මල් ගස,
විවාහ සංවත්සරය
Friday, July 23, 2010
යථාර්ථවාදී ඉබ්සෙන්ගේ Dolls House
![]() |
Wikipedia එකට අනුව ලොව පළමුවෙනි කාන්තා විමුක්තිය හොවා දක්වන එසේත් නෙතිනම් කාන්තාව සම තත්ත්වයෙහි ලා සැලකීම පෙන්වා දෙන ඒ වගේම ඉතාමත් යතාර්ථවාදී script එකක් ලෙස ඉබ්සෙන් නමැති ශ්‍රේෂ්ට මිනිසා කතාව ඉදිරිපත් කර තිබෙනු දැකිය හැක.
සම්පූර්ණ නාටකයම රඟ දැක්වෙන්නේ Helmer නමැති මිනිසා ගේ ගෘහය තුලයි. Torvald Helmer, සහ ඔහුගේ බිරිඳ Nora, Krogstad සහ Dr. Rank මෙහි එන ප්‍රදාන චරිත වෙති. නත්තල උදාවත් ම ඇති වන සිදුවීම් පෙළක් සම්බන්දව කතාන්තරය දිග හැරෙයි.
අතරමැදියා ට තේරුණු විදියට නම් මෙම කතාව පුරාම ඇත්තේ Dominant Philosophy යන තේමාව හිස්මුදුම්වා ගත සමාජයක කාන්තාවට සිදු වෙන අඩන්තේට්ටම් සහ අසරණ වීම් ඉතා සියුම් ලෙස පෙන්වීමකි. එලෙසම තමන්ගේ සතුට ලබන්නේ තවත් කෙනෙකුට දුකක් දීමෙන්ද ? එසේත් නෙතිනම් තම තමන්ගෙන්ම විමසා බලා තමන් සතුටෙන් සිටින්නේදැයි සිතීමට තරම් මෙම කලාකෘතිය රසවත් බව එකහෙලා පවසමි.
කැමති කට්ටිය මෙතනින් Download කරගන්න.
Labels:
Dolls House,
Dominant Philosophy,
drama,
Henrik Ibsen,
කලාකෘති,
වේදිකා
Tuesday, July 20, 2010
කව්ද මේ Tyronne Silva?
කොටින්ම කියනවනම් Tyronne Silva කියන්නේ ලංකාවේ ඉපදිලා ඦර්මනියේ Orth කියල Death metal බෑන්ඩ් එකක drums ගහන ලංකාවේ කොල්ලෙක්. Tyronne Silva මේ දවස්වල ලංකාවේ Drumming ගැන workshop කරනා බව ආරංචි වුන නිසා සහ අතරමැදියා කැමති සංගීතයක් නිසාවෙන් අද මෙම පොස්ට් එක Tyronne සිල්වා ගැන ලියවෙනවා.
Tyronne සිල්වා ජූලි 27 , 1973 නාත්තන්ඩියේ උපත ලබා ඇත. කුඩා කල සිටම drums ගැන උනන්දුවක් ඇතිවූ මොහු drums සෙට් එකක් නොමැති නිසා පෑන් සහ පැන්සල් වලින් මේසෙට ගහ ගහ තමයි ඉඳල තියෙන්නේ. කොහොමින් කොහොමහරි තේ කොළ පෙට්ටියකට ටෙනිස් බෝල පෙඩල් එකක්ද , snare එකට බකට් එකක්ද, percussions වලට Coke cans , cymbals වලට සිහින් ලෝහ තීරු සවි කරගෙන අමාරුවෙන් සාදාගත් drum සෙට් එක යහළුවෙක් ගෙන් ගහන හැටි ඉගෙන ගෙන පසුව බෑන්ඩ් එකක ගහපු බව myspace පිටුවේ සන්ධහන් වෙලා තියෙනවා.
අවුරුදු දහාටේ දී ඔහු ඦර්මනියට ගොස් වැඩි දුර drums ගැන ඉගෙනගත් මොහු දැන් ලංකාවේ show එකක් ද කිරීමට බලාපොරොත්තු වෙනවා . තියෙන්නේ Clancy's එකේ..දවස අගෝස්තු පළවෙනිදා. කොහොමවුනත් එන අයට නම් මේක අමතක නොවෙන අත්දැකීමක් වෙයි. ඒ ගැන වැඩි විස්තර මෙතනින් ගන්න..
Tyronne අය්යාගේ වැඩ බලන්න..

death metal,
Drumming,
Orth,
Tyronne Silva
Thursday, July 15, 2010
අපේ ගුරුතුමා සහ ජීවන කුසලතා
පසු ගිය මාසයේ එක්තරා දිනෙක අතරමැදියාත් ඔහුගේ ලගම මිතුරෙක් සමග වරුවක පමණ වෙලාවක් ගතකොට ත්‍රයිලෝකේශ්වර විජය ශාක පත්‍රයේ සැනසුම ලබා හදපිරි සතුටින් සිටින විට ආ ඇති විශාල බඩගින්නට රාජිගිරිය හංදියෙහි ඇති කුඩා කඩයකට ගොඩ වුනෙමු. ඉහත තත්ව යටතේ කිසිවක් ම කතා නොකොට ඉතා අවදානයෙන් ආහාර ගෙනීම අපේ පුරුද්දයි.
වෙලාව සවස හයට පමණ ඇති. වයස අවුරුදු 50 ඉක්මවු හොඳින් දැක පුරුදු මිනිසෙක් පාසල් යන වයසේ ගැහැණු ළමුන් තිදෙනෙකු සමග අප සිටි කඩයට ගොඩ විය. ශාක පත්‍රයේ සැනසුම නිසාවෙන් අතරමැදියාට ඔහුව ඇදින ගැනීමට නොහැකි විය. ඔහු අතරමැදියා දෙස බලා යලි වෙටරයකුට කතා කොට Short eats ගේන්න යයි පවසා, සිනහ මුසු මුහුණින් තම දරු තිදෙනා දෙස බැලුවේ හදපිරි සතුටකිනි.
එකවර ඔහුගේ සිනහව හදුනාගත් අතරමැදියාට මතක් වුයේ අප අට වෙනි ශ්‍රේණියේ සිටිද්දී ජීවන කුසලතා නම් වූ එකල වැඩකට නැති විෂයයි. ඒ විෂය ඉගැන්වූ ගුරුපියාණන් නොවේද මෙතැන ඉන්නේ!!!..අතරමැදියා හිටි තෙනින් නැගිට ගොස් එතුමාට කතා කොට ඒමට සිතුන බව අතරමැදියාගේ එළවලු රොටි ගිල දමන සගයාට කියූ පසු ඔහු එක හෙළ කියා සිටියේ මේ අයුරින් ඔහු ලඟට නොයන ලෙසයි. අතරමැදියා ඒ වෙලාවේ එයට එකඟ නොවුවත් මෙම ලිපිය ලියන විට මිතුරාගේ කතාවෙහි සත්‍ය තාවය අතරමැදියාට පැහැදිලි විය.
කෙසේ හෝ ශාක පත්‍රයට පින් සිදු වන්න අතරමැදියාට පහල වූ සිති විලි රාශියකි. එයින් හරි අඩක් වත් මට දැන් මතක නැත. කෙසේ වුවත් මට එක වරම ඔලුවට ආවේ සුනිල් එදිරිසින්හයන්ගේ "අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ " යන ගීතයයි. ඒ සමගම ඔහුගේ ඉරියවු වලින් මට පෙනී ගියේ ඔහු ඉතා දයාබර පියෙකු යන වගයි. ඔහු තම පිගාන ට කිසිවක් බෙදා නොගෙන තමන්ගේ දරුවන්ට සියල්ල බෙදා දී එය ඔවුන් රස විඳිනා සැටි බලා සිටියේ අප්‍රමාන වූ දරු සෙනෙහසකිනි. තම දරුවන් එකිනෙකා සමග කරන බොළඳ විහිලු දෙස බලමින් ගුරුතුමා සිනහ වුයේ, මගේ ඇසට කඳුලක් ද එක් කරමිනි. මගේ සිතට ආ සිතිවිලි අතරින් තදින් දැනුණු දෙය නම් කවදාහෝ අපි පවුල් පන්සල් වී මෙවැනිම සතුටු ජීවිතයක් ගත කල හැකි වේද යන්නයි.
මා සැහෙන වෙලාවක් ඔවුන් දෙස බලාසිටි බව කී මාගේ මිත්‍රයා බිල්පත ගෙවා දමා නැගිට කඩයෙන් එලියට යාමට පිටත් විය.
රෝස වර්ණති අහස කුස සහ යකුන් shopping යන වෙලාවේ මා සින්දුවක් ම්ප ප්ලයෙර් එකේ දමා ගෙන හෙමින් සැරේ පියා විදහා ගෙදර ගියෙමි.
ගුරුතුමනි, ජීවන කුසලතාවෙහි අර්ථය අතරමැදියාට වැටහෙන්නේ දැනුයි, මෙතුවක් කල් එය නොපිලිගත්තාට මට සමා වුව මැන.

Saturday, July 10, 2010
ශ්‍රී ලංකාවේ Heavy Metal Music
අතරමැදියා Rock/Metal සංගීතයට ඉතා ආශා කරන නිසා, වෙන කොහවත් තියෙන Music ගැන ලියනවට වඩා ලංකාවේ අපෙ ම දෙයක් ගෙන ලියන්ට කියලයි බැලුවේ.
බහුතරයක් අසා නොතිබ්බට ලංකාවේ Rock/Metal Music තාම තියෙනවා. සමහරු හිතන් ඉන්නේ අර Rock Company එක තියෙන කාලේ තමයි Rock/Metal Lifestyle එක තිබ්බේ කියලා. මෙම ලිපිය කියවා අවසන් කර ඒ පිලිබදව යලි සිතා බලන ලෙස කරුණාවෙන් අතරමැදියා ඉල්ලා සිටි.
කොහොමවුනත් ඒ කාලේ වගේ නෙමෙයි දැන්. විවිධ styles (Heavy,Death, Thrash,Black) වල Bands ගොඩක් ලංකාවේ තියෙනවා. දක්ෂතාවය සහ කැපවීම මූලික කරගත් මේ වාගේ සංගීත කණ්ඩායම් අද කොළඹ නගරයෙන් සහ ඒ අවටින් නැගී එනවා. මාගේ දෙනුම අතින් නුවර පුරවරයේ සහ අවට පළාත් වලිනුත් බොහොමයක් පිරිස මෙම Music එක ගැන උනන්දුවක් පෙන්නුම් කරනවා.
මෙම Heavy Metal Culture එක සුද්දාගෙන් ආපු දෙයක්. එහෙම කියලා අපේ අය ඒ Style එක බදාගන්න ගියේ නැහැ. ඊට හොඳම උදාහරණය තමයි Funeral in Heaven කන්ඩායමේ Winds of Uva යන ගීතය. අපේ ඌව වෙල්ලස්ස සටන ගෙන ලියවුනු සහ එහි සටන් කොට මවුබිම වෙනුවෙන් දිවි පිදු සැබෑ වීරවරුන්ට කෙරෙන උපහාරයකි එය. පද රචනය මෙතනින් බලන්න.
අපේ මෙය පොඩි දූපතේ කරන මේ වගේ උත්සාහයන් අපි අගය නොකෙරුවාට වෙනත් දේශ දීපංකර වල ඇගයීමට පත් වෙලා තියෙනවා. ඒ ගැන මෙතනින් කියවන්න.
ඒ විතරක් ම නෙමෙයි, මේ සංගීතය ගැන bands හතරකින් ගත් විවිධ අදහස් අඩංගු Documentary එකක් පවා තියෙනවා. මෙය Heavy Metal Culture එක ගැන අධ්‍යනය කරන කෙනෙකුට වටිනා තොරතුරු සහ මතවාදයන් ලබා දෙන DVD එකක් බව කිව යූතුයි.DVD එක ගැන වැඩි විස්තර මෙන්න.
හෙට Excel World එකේ Heavy Metal Concert එකකුත් තියෙනවලු. කැමති අයට ඇවිත් බලන්න පුළුවන්. ඒ ගැන වෙඩි විස්තර මෙන්න.

Monday, July 5, 2010
Saturday, July 3, 2010
ත්‍රයිලෝකේශ්වර විජය ශාක පත්‍රය හෙවත් අපේ ඖශධය
ත්‍රයිලෝකේශ්වර විජය ශාක පත්‍රය; හරි පුදුම නමක් දීල තියෙන්නේ, ශාක පත්‍රය පාවිච්චි කිරීම සමාජයෙන් බැහැර කරපු, පොලිසීයෙන් දඬුවම් දෙන, දේකට කවුරු මෙම නම දුන්නද මන්දා.! කෙසේ වුවත් මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයාට අනුව ලංකාවට මෙම ශාක පත්‍රය පරදෙසක්කරයින් ගෙන් ලැබුන එකකි. ඒ කාලේ ටත් කලින් ශාක පත්‍රය අපේ රටේ වේද මහත්තුරු පාවිච්චි කරලා තියෙනවා කියලත් සඳහන් වෙනවා. පැරණි රජවරු අන්තඃපුරයට ගිහින් තියෙන්නේ අමුර්තය පානය කරලා කියනවානේ. ඒ අමුර්තය කියන්නෙත් මෙම ශාක පත්‍රය අනුසාරයෙන් ලබාගන්නා පානයක් කියලත් මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයා එතුමාගේ පොතෙහි සඳහන් කරලා තියෙනවා.
ඉස්සර සුද්දා ලංකාවට ගෙනත් ව්‍යාප්ත කරලා, එක තහනම් කරලා ඒ රටට ආපහු ගියා. ගිහින් ඒ රටවල් වල මෙම ශාක පත්‍රයේ වටිනාකම දැන ගෙන ඒ රටවල් වල එක නීත්‍යානුකූලව පාවිච්චි කිරීමට අවසර දීලා තිබෙනවා.
කොහොමවුනත් අපේ අයියලා තාම අර පරණ දේ අල්ලාගෙන ඉන්නවා. වෙන රටවල් වලින් ගත යුතු දේවල් සහ නොගත යුතු දේවල් තියෙනවා. එක ඉතින් අපේ මේ චූටි රට පාලනය කරන අයියලා ටම බාරයි. මෙම ශාක පත්‍රය මිනිසාගේ ජීවිත වෙනස් කරලා වගේම අයුතු විදියට පාවිච්චි කිරීම නිසා ජීවිත ගොඩක් විනාස වෙලත් තියෙනවා.
අද අතරමැදියාට පොඩි පෙට්ටි කඩේ කදී හොඳ අතරමැදියෙකු සෙට් වුනා. ඒ අතරමැදියාට අවුරුදු 50 ක් විතර ඇති. අපේ සෙට් එක සිගරට් ගහ ගහ හිටියේ.
සිදුවූ දෙය මම මෙසේ ලියමි.
"putha, smoking in public is illegal still right?"
"yes, uncle"
"hmmm...I'm so unfortunate to see our youth conform into such limited freedom, because those days we used to listen to Rock n Roll, smoke Marijuana, and have the time of our lives , It is pretty sad that we are now smoking something that kills" කියා ඒ අතරමැදියා සිගරට්ටුව නිවා දමා යන්නට ගියේය.
අප කිසි කතාවක් නැතිව මද වෙලාවක් සිට අපගේ වැඩක් බලා ගත්තෙමු. එහෙත් අප සෑම දෙනාගේම ඔලුවේ අර අවසානයේ කියූ කතාව තාමත් රැවූ දෙන බව නොරහසකි.
කොහොම වුනත් මේ ශාක පත්‍රය අපේ චූටි රටේ "මෙඩිකල් මරිජුවානා " වෙන්න මාර කලක් යාවි.
අපි ඉතින් එතකන් කන දේ කාලා වෙන දේ බලාගෙන ඉමු.

Dr. Nandasena Rathnapala,
freedom,
Marijuana,
smoking,
අතරමැදියා
Wednesday, June 30, 2010
අතරමැදීයා සහ දේවතාවා
දිනක් අතරමැදීයා භැල්මේ පාරේ ඇවිද යන විට කිල්ටි පෙරා ගත් හිඟන්නෙක් හමු විය. හිඟන්නා කන්නට යමක් ඉල්ලා සිටිය විට අතරමැදීයා ඔහු දෙස නොබලාම පැවසුවේ තමන් ළඟ මුදල් නැති බවයි. එහෙත් හිඟන්නා කරදර කිරීමට පටන් ගත් හෙයින් අතරමැදීයා කෝපාවිෂ්ට වී කුණුහරුපෙන් බනින්නට ගත්තේය. හිඟන්නා ඔහුගේ බැනුම් ඉවසා සිට මෙසේ පැවසුවේය.
"තමුන් දන්නවද මම කවුද කියල? "
"හ්ම්ම්..නැහැ ..උඹ හිඟන්නෙක් කියල නම් දන්නවා..තව ටිකකින් හොඳට කන්නත් හම්බවෙනවා කියල දන්නවා.." අතරමැදීයා පැවසුවේය.
"මම ශක්‍රයා !මනුස්සයෝ! ..මම ශක්‍රයා!!!" - හිඟන්නා බර ස්වරයකින් කියා සිටියේය.
බකස් ගා ගිය හිනාව අමාරුවෙන් නවත්වාගත් අතරමැදීයා "හරි හරි ශක්‍රයා තමයි එත් කෝ වාහනේ?"
"මමත් එක්ක විහිළු කරන්න හදන්න එපා මට තමුන්නාන්සේ ගෙන් දෙයක් දෙන ගන්න ඕනේ, මගේ දීව්‍ය ඥානයට ගෝචර නොවන දෙයක් තියෙනවා. "
"ඉතින් ඔර්කට හිඟන්නෙක් වගේ ඇවිත් හරියනවයි? " අතරමැදීයා ඇසුවේ කින්ඩියට මෙනි.
"හරි හරි , ඔයාට ඒවා වැඩක් නැහැ. මට කියනවා ඇයි තමුසෙට අතරමැදීයා කියන්නේ ? "
"හ්ම්ම්ම්.. හරි ..මම හැම දෙයටම අතරමැදී වෙලා ඉන්නේ. දැන් බලන්න මම මෙය ඉන්න තැනත් අහස සහ පොලොව අතරමැද. ඉස්කෝලෙට ගියත් ගිරාපෝතකය සහ චින්තනය අතරමැද, ගෙදර ගියත් එහෙමයි: නිදහස සහ යුතුකම අතරමැද ...දැන්වත් තේරෙනවද? "
"හරි හරි..හරි..දැන් තේරෙනවා ටිකක්. මම දෙවි කෙනෙක් නිසා මනුෂ්‍ය ගති පෙවතුම් තේරෙනවා අඩුයි. ඕගොල්ලන්ගේ හරි වැරදී පෙනෙන නමුත් අපට දෙවියෝ විදියට එච්චර හිතන්න බැහැ. මොකද ඔයගොල්ලෝ අපිට වඩා සංකීර්ණයි. "
"හප්පා එහෙමත් එකක් ද. එහෙනම් ඉතින් මේහාට එන එකේ තේරුමක් නෙහෙ නේ? "
"හ්ම්ම්...එක තමා.. මමත් මේ බැලුවේ.. එක අතකට තමුන්නාන්සේ මගේ අඩවියට ඇවිත් ඉන්නවකෝ. එහෙ හුඟාක් සැප පහසුකම් තියෙනවා.. මම කියන්න ඕන නෑනේ...අහල ඇතිනේ ..හෙහ් හෙහෙ.."
"හ්ම්ම්ම්...අපෝ මට බැහැ ..හෙන චාටෙර්" අතරමැදීයා කීයෙන් දේවතාවා මවිත විය.
"ඇයි ඒ? ඔයාට ඔක්කොම එහෙ තියෙනවා නේ?" දේවතාවා පැවසු කල අතරමැදීයා මෙසේ කීවේය.
"මම එතකොටත් විශ්වාසයෙන් අන්ධ වීම සහ ශූන්‍යත්වය අතරට අතරමැදී වෙනවා නේ!! "
ඒසැනින් දේවතාවා චුත විය. අතරමැදීයා කිසිවක් නොවුනා සේ ගෙදර ගියේය.

Monday, June 28, 2010
ඉර ණම
ටික කාලෙකට කලින් මම එක්තරා අන්දමක විශාදියකින් පෙලෙන වකවානුවක ලියපු දෙයක් මේකෙ දාන්න හිතුනා. ඉතින් දැම්මා...

වැලි සලුපට වලින් වැසුනු ඔබේ වතට
අර්ථයක් දී ඔබට මගෙ අඩවියේ
ප්‍රඥාගෝචර නොවන දෙයක් අපව ඈත් කරන නිසාවෙන්
ඇවිද යන්න රළු සාගරය වෙත
පාට වෙටුන ආකාසෙහි
හරවත් යමක් තිබේ නම්
බලන්න ලොව දෙස එම පාටවලින්ම
ඔබට පෙනෙවි ඔබේම මානුශීය වින්දනය
සිතා බලන්න ඔබ පැමිනියේ කොහෙන්ද කියා
අමතක කරන්න ඔබගේම නාමය
විමසා බලන්න සතුටෙහි අරුත
එවිට පෙනෙවී ඔබට මාගේ චායාව

ඇවිද යන්න රළු සාගරය වෙත...

ජීවිත වෙනස් කල Black Sabbath
Music ගැන කතා කරද්දි, මට ඇති addict එකක් තමයි Heavy Metal Music. මම සතියකට දෙපාරක් වත් අහන Playlist එකේ නෙතුවම බැරි සින්දු ටිකෙන් බොහොමයක් Black Sabbath Tracks.
Black Sabbath කියන්නේ එන්ගලන්තයේ 1968 පටන් ගත්ත Heavy Metal බෑන්ඩ් එකක්. Ozzy Osbourne, Tony Iommi, Geezer Butler, and Bill Ward යන කට්ටිය සෙට් වෙල පටන් ගත්ත වැඩක් තමා Black Sabbath.
Heavy Metal සංගීතයේ නිර්‍රමාතෘ වශයෙන් බොහොර් දෙනා සලකන මෙම බෑන්ඩ් එක ගැන රසවත් තොරතුරු කිහිපයක් ලියමි.
Black Sabbath කියන නම හැදුනෙ 1963 තිරගත වෙච්ච Mario Bava ගෙ "Black Sabbath" කියන horror ෆිල්ම් එක බැන්ඩ් එකෙ රිහෙසල් කරන තැන පාරෙන් ඉස්සරහ now showing තිබිල තියෙනවා. ඒකෙන් inspire වෙලා තමයි බැන්ඩ් එකට නම දාල තියෙන්නෙ.
Paranoid track එක complete කරන්න ගිහින් තියෙන්නෙත් මිනිත්තු 20-25 වගේ කාලයක්.
Paranoid ඇල්බම් එක 1971 ඇමරිකාවෙම මිලියන හතරක් ව්කිනිල තියෙනවා. ඉතින් වෙන මොන කතාද?
කොහොම හරි Heavy metal Louder than life Documentary එකේ Iommi කියනවා guitar එකේ ස්ට්‍රින්ග්ස් කඩා ගන්නෙ නැතුව practice කරන්න උනා ලු. මොකද ස්ට්‍රින්ග්ස් කඩා ගත්තොත් tracks record කරන්න සල්ලි මදි වෙනව කියලා. එහෙම තත්වෙක හිටපු සෙට් එක paranoid ඇල්බමයෙන් අති සාර්ථක වුනා.
පසු කලෙක Ozzy ගේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා ඔහු වෙනුවට Ronnie james Dio (RIP) ව Vocalist හැටියට Black Sabbath ගත්තා. Dio ගේ Heaven and Hell ඇල්බමය ලොව පුරා ඉතා ජනප්‍රිය වුනා.
ඒ කොහොමවුනත් Ozzy ගේ කටහඞහි ඇති අමුතුම ශෛලිය නිසාම මට නම් පරණ Sabbath තමා හොඳම.
එදා ඔවුන් එම කැප කිරීම් නොකලා නම් අද අපිට අහන්න Heavy Metal සංගීතයක් කියා දෙයක් නැත.
Labels:
Bill Ward,
Black Sabbath,
Dio,
Geezer Butler,
Heavy Metal,
music,
Ozzy Osbourne,
Tony Iommi
Subscribe to:
Posts (Atom)