Wednesday, June 30, 2010

අතරමැදීයා සහ දේවතාවා

 දිනක් අතරමැදීයා භැල්මේ  පාරේ ඇවිද යන විට කිල්ටි පෙරා ගත් හිඟන්නෙක් හමු විය. හිඟන්නා කන්නට යමක් ඉල්ලා සිටිය විට අතරමැදීයා ඔහු දෙස නොබලාම පැවසුවේ  තමන් ළඟ මුදල් නැති  බවයි. එහෙත් හිඟන්නා කරදර කිරීමට පටන් ගත් හෙයින් අතරමැදීයා කෝපාවිෂ්ට  වී කුණුහරුපෙන් බනින්නට ගත්තේය. හිඟන්නා ඔහුගේ බැනුම් ඉවසා සිට මෙසේ පැවසුවේය.
 


"තමුන් දන්නවද මම කවුද කියල? " 

"හ්ම්ම්..නැහැ ..උඹ හිඟන්නෙක් කියල නම් දන්නවා..තව ටිකකින් හොඳට කන්නත් හම්බවෙනවා කියල දන්නවා.."
අතරමැදීයා පැවසුවේය.

"මම ශක්‍රයා !මනුස්සයෝ! ..මම ශක්‍රයා!!!" - හිඟන්නා බර ස්වරයකින් කියා සිටියේය.
බකස්
ගා ගිය හිනාව අමාරුවෙන් නවත්වාගත් අතරමැදීයා "හරි හරි ශක්‍රයා තමයි එත් කෝ වාහනේ?"

"මමත් එක්ක විහිළු කරන්න හදන්න එපා  මට තමුන්නාන්සේ ගෙන් දෙයක් දෙන ගන්න ඕනේ, මගේ දීව්‍ය ඥානයට ගෝචර නොවන දෙයක් තියෙනවා. "


"ඉතින් ඔර්කට හිඟන්නෙක් වගේ ඇවිත් හරියනවයි? "
අතරමැදීයා ඇසුවේ කින්ඩියට මෙනි. 

"හරි හරි , ඔයාට ඒවා වැඩක්  නැහැ. මට කියනවා
ඇයි තමුසෙට අතරමැදීයා කියන්නේ ? "

"හ්ම්ම්ම්.. හරි ..මම හැම දෙයටම
අතරමැදී වෙලා ඉන්නේ. දැන් බලන්න මම මෙය ඉන්න තැනත් අහස සහ පොලොව අතරමැද. ඉස්කෝලෙට ගියත් ගිරාපෝතකය සහ චින්තනය අතරමැද, ගෙදර ගියත් එහෙමයි: නිදහස සහ යුතුකම අතරමැද ...දැන්වත් තේරෙනවද? "

"හරි හරි..හරි..දැන් තේරෙනවා ටිකක්. මම දෙවි කෙනෙක් නිසා මනුෂ්‍ය ගති පෙවතුම් තේරෙනවා අඩුයි. ඕගොල්ලන්ගේ
හරි වැරදී පෙනෙන නමුත් අපට දෙවියෝ විදියට එච්චර හිතන්න බැහැ. මොකද ඔයගොල්ලෝ අපිට වඩා සංකීර්ණයි. "

"හප්පා එහෙමත් එකක් ද. එහෙනම් ඉතින්
මේහාට එන එකේ තේරුමක් නෙහෙ නේ? "

"හ්ම්ම්...එක තමා.. මමත් මේ බැලුවේ.. එක අතකට තමුන්නාන්සේ මගේ අඩවියට ඇවිත් ඉන්නවකෝ. එහෙ හුඟාක් සැප පහසුකම් තියෙනවා.. මම කියන්න ඕන නෑනේ...අහල ඇතිනේ ..හෙහ් හෙහෙ.."



"හ්ම්ම්ම්...අපෝ මට බැහැ ..හෙන චාටෙර්" අතරමැදීයා කීයෙන් දේවතාවා මවිත විය.

"ඇයි ඒ? ඔයාට ඔක්කොම එහෙ තියෙනවා නේ?" දේවතාවා පැවසු කල අතරමැදීයා මෙසේ කීවේය.


"මම එතකොටත් විශ්වාසයෙන් අන්ධ වීම සහ ශූන්‍යත්වය අතරට
අතරමැදී වෙනවා නේ!! "


ඒසැනින් දේවතාවා චුත විය. අතරමැදීයා කිසිවක් නොවුනා සේ ගෙදර ගියේය.
 

0 comments:

Post a Comment