Sunday, August 15, 2010

බඹර වළල්ල හා අතරමැදි සිංහල සිනමාව

සිංහල සිනමාව තරම් චා වෙච්ච දෙයක් ලංකාවේ වෙන නතුව ඇති කියා අතරමැදියා සිතයි.  එසේ සිතීමට මහා ඥානයක් හෝ බහුශ්‍රුත බවක් අවශ්‍ය යයි නොසිතමි. තුට්ටු දෙකේ, පියඹා යන සහ අලි වැඩ ඇති ෆිල්ම් වල රඟපාන අපේ ටැලන්ට් ඇති/නැති, කලාකරුවෝ යයි කියා ගන්නා අය සහ හැම රෙද්දටම ඉතා හොඳ පවුලේ  සැමට සතුටු විය හැකි යයි කියනා අයද සිටිති. කෙසේ වෙතත් අතරමැදියා  බඹර වළල්ල නමැති චිත්‍රපටිය බැලීමට ගියේද තවත් එක චිත්‍රපටියක් බැලීමේ අටියෙනි. MC එකේ තියෙන ක්‍රියාදාම චිත්‍රපටිය නොබැලුවේ බටහිර ක්‍රියාදාම චිත්‍රපටි සඳහා තියෙන අකමැත්තම නොවුනත් මුදල් නොමැති බව ඊට ඉහලින් ඔලුවේ  රැවු දුනු බැවිනි.

කෙසේවුවත් 2.30 show එකට අතරමැදියා ගියේ 2.45 ට පමණ වූ නිසා පලමු විනාඩි කිහිපය මගහැරුනි. එය අවුලක් වෙන එකක් නැති බව අතරමැදියා සිතුවත් පළමු බාගය නිමා වෙද්දී එම විනාඩි කිහිපය නොබැලු හෙයින් අතරමැදියාට කතාව අල්ලාගැනීමට මද වෙලාවක් ගියේය. මෙම ලිපියෙන් spoiler එකක් දෙනවට වඩා අතරමැදියා ට සිතුනු  දෙය මෙහි ලියා ඇති බව කිව යුතුයි .

 ඉතා රසවත් සහ මතක හිටින දෙබස් ඇතුලත් මෙම චිත්‍රපටිය මහේන්ද්‍ර පෙරේරා ගේඅපූරු රංගනයෙන් ඔප මට්ටම් වී ඇති බව පිළිගත යුතුමයි. අතුල ලියනගේ, ශ්‍රියන්ත මෙන්ඩිස්, දමිත අබේරත්න, වැනි හොඳ කලාකරුවන් රැසක් සිටිනා නිසා කිසිම විදියකින් වත් කතාව පිට යන්නේවත් නීරස වන්නේවත් නැත.
පොඩි එකා ගේ චරිතය සහ මැල් මහත්තයා ගේ හමුවීම මගින් කතාව ඇරඹෙන "අමුඩයේ සිට ඩෙනිමට" යන කියමන සනා කරවීමට ගත උත්සාහය ඇති සාර්ථක වී ඇති බව අතරමැදියා ගේ අදහසයි. මෙවැනි චිත්‍රපටිය කට රු 300/= , බැල්කනි ටිකෙට් එකක්  මිලදීගෙන Regal ශාලාවේ සෙනසුරාදා හවස බිලිදීම ජීවිතයේ අතරමැදියා ගත් හොඳ තීරණයක් වූ බව නොඅනුමානයි. 

ඔය කොයි ම දේටත් වඩා ඔය ඉහත කියන සිනමාව චා කරපු පුද්ගලයින් මෙවැනි චිත්‍රපටි නරඹා පොඩියට influence වනවා වත් දැකීම අතරමදියාගේ එක්තරා  සිහිනයක් විය හැක.

4 comments:

Shadow/හේමලයා said...

තාම බැරිවුනා නෙව මට නම් ඕක බලා ගන්ට....යන්ට ඕනෑ අද හෙටම.....:)

දුමී said...

මමත් බලන්න යන්න උන්නේ. මොකක්ද කරුමෙකට මිස් උනා. ආපහු ප්ලෑන් කොරන්න ඕනෙ.

නොම්මරේ said...

කාලෙකින් බලපු හොදම සිංහල චිත්‍රපටියක් . . කථා දෙකක් නැහැ.. ආයෙත් සැරයක් බලනවා

නොම්මරේ said...

කාලෙකින් බලපු හොදම සිංහල චිත්‍රපටියක් . . කථා දෙකක් නැහැ.. ආයෙත් සැරයක් බලනවා

Post a Comment