අපි හැමෝම දන්නා විදියට හික්කඩුවේ තමයි කවුරු කවුරුත් කියන විදියට happening weekend එක තිබ්බේ. නමුත් අතරමැදියා Colombo Death Fest එකේ නම් මාර අත්දැකීමක් ගත්තේ. ඒ වෙන කාරණයක් නිසා නම් නෙවෙයි, වෙනදා දකින gigs වලට වැඩ Colombo Death Fest gig එක වෙනස් වෙච්ච නිසා.
Hikka වලත් ෆන් එකක් ඇති. අතරමැදියාට ඒ ෆන් එක සෙට් වෙන්නේ නැති නිසා, Tyronne Silva ගේ ෂෝ එක බලන්න ගියා. එතුමා ගේ drumming නම් පිස්සු. මුලින් Progrssive/Melodic Metal ගහල අන්තිමට අපිට පෙන්නුවා German Tech. Death drumming කොයි වගේද කියලා.
අන්තිමට Tyronne අයියා කියපු කතාවෙන් අතරමැදියාට පොඩි ආඩම්බරයක් ද ඇති උනා අපේ මෙය පොඩි රටේ rock/metal කලාව ගැන . එක නම් හික්ක ගිහින් වැනසෙනවට වඩා ෆන්.
"මට කියාගන්න බැභැ සන්තෝසේ ලංකාවේ metal අහන ගහන කට්ටිය දෙක්කහම " එහෙම කියනවත් එක්කම එතන හිටපු හැමෝටම මාර මොරාල් බූස්ට් එකක් ලැබුණු බව නම් නොකියා බැහැ.
කොහොම වුනත් හික්ක ගිහින් ගන්න බැරි ෆන් එකක් ඊයේ හවස ගත්තා. Tyronne අයියාට අතරමැදියාගේ හද පිරි සුබ පැතුම්. නැවත වරක් ලංකාවට පැමිණීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරමි.
වැඩි විස්තර අවශ්‍ය කෙනෙක් gig Review එකක් ඔනෙය් නම් මෙතනින් ගන්න.
0 comments:
Post a Comment