Thursday, July 15, 2010

අපේ ගුරුතුමා සහ ජීවන කුසලතා

පසු ගිය මාසයේ එක්තරා දිනෙක අතරමැදියාත් ඔහුගේ ලගම මිතුරෙක්  සමග වරුවක පමණ වෙලාවක් ගතකොට ත්‍රයිලෝකේශ්වර විජය ශාක පත්‍රයේ සැනසුම ලබා හදපිරි සතුටින් සිටින විට ආ ඇති විශාල බඩගින්නට රාජිගිරිය හංදියෙහි ඇති කුඩා කඩයකට ගොඩ වුනෙමු. ඉහත තත්ව යටතේ කිසිවක් ම කතා නොකොට ඉතා අවදානයෙන් ආහාර ගෙනීම අපේ පුරුද්දයි.

වෙලාව සවස හයට පමණ ඇති. වයස අවුරුදු 50 ඉක්මවු  හොඳින් දැක  පුරුදු  මිනිසෙක් පාසල් යන වයසේ ගැහැණු ළමුන් තිදෙනෙකු සමග අප සිටි කඩයට ගොඩ විය. ශාක පත්‍රයේ සැනසුම නිසාවෙන් අතරමැදියාට ඔහුව ඇදින ගැනීමට නොහැකි විය. ඔහු අතරමැදියා දෙස බලා යලි වෙටරයකුට කතා කොට Short eats ගේන්න යයි පවසා, සිනහ මුසු මුහුණින් තම දරු තිදෙනා දෙස බැලුවේ හදපිරි සතුටකිනි.

එකවර ඔහුගේ සිනහව හදුනාගත් අතරමැදියාට මතක් වුයේ අප අට වෙනි ශ්‍රේණියේ සිටිද්දී ජීවන කුසලතා නම් වූ එකල වැඩකට නැති විෂයයි. ඒ විෂය ඉගැන්වූ ගුරුපියාණන් නොවේද මෙතැන ඉන්නේ!!!..අතරමැදියා හිටි තෙනින් නැගිට ගොස් එතුමාට කතා කොට ඒමට සිතුන බව අතරමැදියාගේ එළවලු රොටි ගිල දමන සගයාට කියූ පසු ඔහු එක හෙළ කියා සිටියේ මේ අයුරින් ඔහු ලඟට නොයන ලෙසයි. අතරමැදියා ඒ වෙලාවේ එයට එකඟ නොවුවත් මෙම ලිපිය ලියන විට මිතුරාගේ කතාවෙහි සත්‍ය තාවය අතරමැදියාට පැහැදිලි විය.

කෙසේ හෝ ශාක පත්‍රයට පින් සිදු වන්න අතරමැදියාට පහල වූ සිති විලි රාශියකි. එයින් හරි අඩක් වත් මට දැන් මතක නැත. කෙසේ වුවත් මට එක වරම ඔලුවට ආවේ  සුනිල් එදිරිසින්හයන්ගේ "අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ " යන ගීතයයි. ඒ සමගම ඔහුගේ ඉරියවු වලින් මට පෙනී ගියේ ඔහු ඉතා දයාබර පියෙකු යන වගයි. ඔහු තම පිගාන ට කිසිවක් බෙදා නොගෙන තමන්ගේ දරුවන්ට සියල්ල බෙදා දී එය ඔවුන් රස විඳිනා සැටි බලා සිටියේ අප්‍රමාන වූ දරු සෙනෙහසකිනි. තම දරුවන් එකිනෙකා සමග කරන බොළඳ විහිලු දෙස බලමින් ගුරුතුමා සිනහ වුයේ, මගේ ඇසට කඳුලක් ද එක් කරමිනි. මගේ සිතට ආ සිතිවිලි අතරින් තදින් දැනුණු දෙය  නම් කවදාහෝ අපි පවුල් පන්සල් වී මෙවැනිම සතුටු ජීවිතයක් ගත කල හැකි වේද  යන්නයි.
මා සැහෙන වෙලාවක් ඔවුන් දෙස බලාසිටි බව කී මාගේ මිත්‍රයා බිල්පත ගෙවා දමා නැගිට කඩයෙන් එලියට යාමට පිටත් විය.

රෝස වර්ණති අහස කුස සහ යකුන් shopping යන වෙලාවේ මා සින්දුවක් ම්ප ප්ලයෙර් එකේ දමා ගෙන හෙමින් සැරේ පියා විදහා ගෙදර ගියෙමි.

ගුරුතුමනි, ජීවන කුසලතාවෙහි අර්ථය අතරමැදියා වැටහෙන්නේ දැනුයි, මෙතුවක් කල් එය නොපිලිගත්තාට මට සමා වුව මැන.

0 comments:

Post a Comment