Saturday, July 10, 2010

ශ්‍රී ලංකාවේ Heavy Metal Music

අතරමැදියා Rock/Metal සංගීතයට ඉතා ආශා කරන නිසා, වෙන කොහවත් තියෙන Music ගැන ලියනවට වඩා ලංකාවේ අපෙ ම දෙයක් ගෙන ලියන්ට කියලයි බැලුවේ.

බහුතරයක් අසා නොතිබ්බට ලංකාවේ Rock/Metal Music තාම තියෙනවා. සමහරු හිතන් ඉන්නේ අර Rock Company එක තියෙන කාලේ තමයි Rock/Metal Lifestyle එක තිබ්බේ කියලා. මෙම ලිපිය කියවා අවසන් කර ඒ පිලිබදව යලි සිතා බලන ලෙස කරුණාවෙන් අතරමැදියා ඉල්ලා සිටි.



කොහොමවුනත් ඒ කාලේ වගේ නෙමෙයි දැන්. විවිධ styles (Heavy,Death, Thrash,Black) වල Bands ගොඩක් ලංකාවේ තියෙනවා. දක්ෂතාවය  සහ කැපවීම  මූලික කරගත් මේ වාගේ සංගීත කණ්ඩායම් අද කොළඹ නගරයෙන් සහ ඒ අවටින් නැගී එනවා. මාගේ දෙනුම අතින් නුවර පුරවරයේ සහ අවට පළාත් වලිනුත් බොහොමයක් පිරිස මෙම Music එක ගැන උනන්දුවක් පෙන්නුම් කරනවා.

මෙම Heavy Metal Culture එක සුද්දාගෙන් ආපු දෙයක්. එහෙම කියලා අපේ අය ඒ Style එක බදාගන්න ගියේ නැහැ. ඊට හොඳම උදාහරණය තමයි Funeral in Heaven  කන්ඩායමේ  Winds of Uva  යන ගීතය. අපේ ඌව වෙල්ලස්ස සටන ගෙන ලියවුනු සහ එහි සටන් කොට මවුබිම වෙනුවෙන් දිවි පිදු සැබෑ වීරවරුන්ට කෙරෙන උපහාරයකි එය. පද රචනය මෙතනින් බලන්න.

අපේ මෙය පොඩි දූපතේ කරන මේ වගේ උත්සාහයන් අපි අගය නොකෙරුවාට වෙනත් දේශ දීපංකර  වල  ඇගයීමට පත් වෙලා තියෙනවා. ඒ ගැන මෙතනින් කියවන්න.

ඒ විතරක් ම  නෙමෙයි, මේ සංගීතය ගැන bands හතරකින් ගත් විවිධ අදහස් අඩංගු Documentary එකක් පවා තියෙනවා. මෙය Heavy Metal Culture එක ගැන අධ්‍යනය කරන කෙනෙකුට වටිනා තොරතුරු සහ මතවාදයන් ලබා දෙන  DVD එකක් බව කිව යූතුයි.DVD එක  ගැන  වැඩි  විස්තර  මෙන්න.

හෙට Excel World එකේ Heavy Metal Concert එකකුත් තියෙනවලු. කැමති  අයට ඇවිත් බලන්න පුළුවන්. ඒ ගැන වෙඩි විස්තර මෙන්න.

4 comments:

Anonymous said...

අඩ්ඩඩ්ඩේ... උඹත් රොක්ද? !!
(අතරමැදියා Rock/Metal සංගීතයට ඉතා ආශා කරන නිසා, ශාකුන්තලගේ කියවීම් ලැයිස්තුවට මේ බ්ලොගයත් එකතු වනු ඇති :D)

Winds of Uva මරු සිංදුවක් නෙව... තෑන්කු යූ වේවා මේ ගැන ලිව්වට. මෙන්න වීඩියෝ එක... Lyrics සාමාන්‍ය වුණාට Black Metal ගතියක් තියෙන්නෙ ඒකේ.

CD Athuraliya said...

Rock/Metal සංගීතය තරමටම ඉන් මතුකෙරෙන සමාජ දේශපාලනික විකල්පය ද අගය කරමි. ශ්‍රී ලාංකික Rock/Metal සංගීත කණඩායම් ද ඒ පිළිබඳව කිසියම් අවබෝධයකින් ඊට නැඹුරු වීම ගැන අතිශය සතුටට පත් වෙමි.

අතරමැදියා said...

Shakunthala : අඳුනා ගැනීම සතුටක්.!! අතරමැදියා ට එච්චර Black Metal සෙට් වුනේ නැහැ. :( Death Metal නම් එලටම සෙට් වෙනවා. ලංකාවේ Forlorn Hope, Unholy Sermon, Fallen Grace ගහනවානම් මම ඒ gig එකේ ඇති . :)

CD Athuraliya : බොහොමත් ම ඉස්තුත්යි. ඔබතුමාගේත් කවි බ්ලොග් එක අනර්ගයි.. : )

realskullzero said...

මචන් අපේ documentary එකට ලින්ක් එකක් දුන්න එක ගැන බොහොම ස්තුති. Gig එකක සෙට් වෙමු ළඟදීම.. :D

Post a Comment