Sunday, July 25, 2010

අතරමැදියා සහ මල් ගස

අද පෝය. අතරමැදියා හොඳ ට්‍රිප් එකක්  ඊයේ ගිය නිසා අද ගෙදර. ඒවාගේම අද අතරමෙදියාගේ දෙමව්පියන්ගේ විවාහ සංවත්සරය. ඔවුන් විවාහ දිවියට පත්වී අද අවුරුදු 27 ක් වෙනවා. දෙමව්පියන් ජීවිතයේ දහසක් කම්කටොලු මැදින් සතුටින් ජීවත් වුන හැටි බ්ලොග්පොස්ට් එකකින් කියල නිම කරන්න බැරි වන නමුත් මේ කියන්න යන්නේ වෙනසිද්දියක්.


ගෙදර කට්ටිය අද පන්සලේ දානයක් බාර අරගෙන. එකට උදේ පාන්දර උයා පිහා ලක ලැහැස්ති වන අතරේ  මට මල් කැඩීමේ රාජකාරිය පැවරිණි. ඊයේ ට්‍රිප් එකේ මතින් සිටි අතරමැදියා දෙඇස් අවදි කර මල් ගස වෙත යද්දී, මල් ගහේ කඳ හරියෙන් සියුම් විලාපයක් ඇසිණි.
මම කන් යොමා එම විලාපයට සවන් දුනෙමි. ගහ පවසා සිටියේ තමන්ගේ මල් කැඩීමට මට අය්තියක් නැති බවයි. මෙන්න එම දෙබස.

අතරමැදියා : අහ්..මොකද මේ .. මොකෝ උනේ?

මල් ගස : මගෙන් මෙච්චර මල් කඩන්න එපා ඔයි..මගේ ලස්සන බැලුවට කමක් නැහැ..නිකන් දෙන එකෙ ඔක්කොම කඩාගන්න එපා..

අතරමැදියා : මොකද්ද යකෝ ඒ කතාවේ තේරුම? ..මල් ගස් වල දැන් ගෑස් බලහල්ලකෝ..

මල් ගස : ගාස නෙමෙයි බන්.. හරි උඹ කියපන්..උඹ කැමති ද උඹේ දෙයක් උඹෙන් නිකන් අරන් වැඩක්  නැති  දෙකට යොදවනවට?

අතරමැදියා :  හ්ම්ම්..නැහැ..ඉතින් බන්..වැඩක්  නැති දෙයක් නෙමෙයි නේ ..බුදුහාමුදුරුවන්ට නේ පූජා කරන්නේ..?

මල් ගස : අනේ යකෝ..තෝ ඉතින් දන්නවද එකෙන් වෙන පින?

අතරමැදියා : මෙහෙමයි..පිනක් ඇති ..කොහොමත් පොත්වල තියේන්නේ එහෙමනේ?

මල් ගස : හප්පා..තොටත් ගිය කල..තොත් අර පොත්වල මේ පොත්වල ලියල තියනවනම් ඕන දෙයක් විශ්වාස කරනව නෙ?

උඹට මල් පූජා කරයි කියල පින් ද පවු ද කියන්න මම දන්නේ නැහැ..එත් ඒ පිනට හෝ පවට මල් දෙන මට කිසිම දෙයක් නැහැ..හැම හුත්තම මල් කඩන යනවා..

අතරමැදියා :  (මල් කඩන ගමන්) උඹ දන්නේ නැති වුනාට මොකක් හරි ඇති බන්..!!

මල් ගස : අනේ මන්ද බන්..කොහොමහරි මල් ටිකක් කඩන පල..හවස මෙතෙනට අර සූස්තිය ඔතන් ඇවිත් ගහපන්..මට ඒ සුවඳ ඇති ලොකු පිනක් ..

අතරමැදියා ඔලුව වනමින් ගෙට ගියේ සමන් පිච්ච මල් තොගයක් කඩාගෙන, දෙමව්පියන් ගේ කුස්සියේ කලබලය කන වැකුණු විගසිනි.

0 comments:

Post a Comment