Saturday, July 3, 2010

ත්‍රයිලෝකේශ්වර විජය ශාක පත්‍රය හෙවත් අපේ ඖශධය

ත්‍රයිලෝකේශ්වර විජය ශාක පත්‍රය; හරි පුදුම නමක් දීල තියෙන්නේ, ශාක පත්‍රය පාවිච්චි කිරීම සමාජයෙන් බැහැර කරපු, පොලිසීයෙන් දඬුවම් දෙන, දේකට කවුරු මෙම නම දුන්නද මන්දා.! කෙසේ වුවත් මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයාට අනුව ලංකාවට මෙම ශාක පත්‍රය පරදෙසක්කරයින් ගෙන් ලැබුන එකකි. කාලේ ටත් කලින් ශාක පත්‍රය අපේ රටේ වේද මහත්තුරු පාවිච්චි කරලා  තියෙනවා කියලත් සඳහන් වෙනවා. පැරණි රජවරු අන්තපුරයට ගිහින් තියෙන්නේ අමුර්තය පානය කරලා  කියනවානේ. අමුර්තය කියන්නෙත් මෙම ශාක පත්‍රය අනුසාරයෙන් ලබාගන්නා පානයක් කියලත් මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයා එතුමාගේ පොතෙහි සඳහන් කරලා තියෙනවා.

ඉස්සර සුද්දා ලංකාවට ගෙනත් ව්‍යාප්ත කරලා, එක තහනම් කරලා රටට ආපහු ගියා. ගිහින් රටවල් වල මෙම ශාක පත්‍රයේ වටිනාකම දැන ගෙන රටවල් වල එක නීත්‍යානුකූලව පාවිච්චි කිරීමට අවසර දීලා තිබෙනවා.

කොහොමවුනත් අපේ අයියලා තාම අර පරණ දේ අල්ලාගෙන ඉන්නවා. වෙන රටවල් වලින් ගත යුතු දේවල් සහ නොගත යුතු දේවල් තියෙනවා. එක ඉතින් අපේ මේ චූටි රට පාලනය කරන අයියලා ටම බාරයි. මෙම ශාක පත්‍රය මිනිසාගේ ජීවිත වෙනස් කරලා වගේම අයුතු විදියට පාවිච්චි කිරීම නිසා ජීවිත ගොඩක් විනාස වෙලත් තියෙනවා.

අද අතරමැදියාට පොඩි පෙට්ටි කඩේ කදී හොඳ
අතරමැදියෙකු සෙට් වුනා. අතරමැදියාට අවුරුදු 50 ක් විතර ඇති.  අපේ සෙට් එක සිගරට් ගහ ගහ හිටියේ.

සිදුවූ දෙය මම මෙසේ ලියමි.



"putha, smoking in public is illegal still right?"


"yes, uncle"

"hmmm...I'm so unfortunate to see our youth conform into such limited freedom, because those days we used to listen to Rock n Roll, smoke Marijuana, and have the time of our lives , It is pretty sad that we are now smoking something that kills" කියා අතරමැදියා සිගරට්ටුව නිවා දමා යන්නට ගියේය.

අප කිසි කතාවක් නැතිව මද වෙලාවක් සිට අපගේ වැඩක් බලා ගත්තෙමු. එහෙත් අප සෑම දෙනාගේම ඔලුවේ අර අවසානයේ කියූ කතාව තාමත් රැවූ දෙන බව නොරහසකි.  

කොහොම වුනත් මේ
ශාක පත්‍රය අපේ චූටි රටේ "මෙඩිකල් මරිජුවානා " වෙන්න මාර කලක් යාවි. 

අපි ඉතින් එතකන් කන දේ කාලා වෙන දේ බලාගෙන ඉමු.

0 comments:

Post a Comment