Friday, July 23, 2010

යථාර්ථවාදී ඉබ්සෙන්ගේ Dolls House

අතරමැදියා මීට කලකට ඉහත ඉතා ආසාවෙන් සහ උනන්දුවෙන් නරඹපු වේදිකා නාට්ටියක් තමා Henrik Ibsen (1828-1906)  ගේ Dolls House නම් වූ නාටකය . 1879 රචනා කරන ලද මෙය ඉතා ජනප්‍රිය වේදිකා නාටකයක් බව කිව යුතුමයි . මෙහි මුල සිට අවසන් ජවනිකාව දක්වා කථාන්දරය ගොඩ නෙගන සැටි අතරමැදියාට නම් විශ්මිතයි. එකල සාම්ප්‍රදායික කලාකෘතිවල දක්නට නොලැබෙන ගනයේ නාටකයක් කිව්වොත් ඉතා නිවැරදියි.

Wikipedia එකට අනුව ලොව පළමුවෙනි කාන්තා විමුක්තිය හොවා දක්වන  එසේත් නෙතිනම් කාන්තාව සම තත්ත්වයෙහි ලා සැලකීම  පෙන්වා දෙන ඒ වගේම ඉතාමත් යතාර්ථවාදී script එකක් ලෙස ඉබ්සෙන් නමැති ශ්‍රේෂ්ට මිනිසා කතාව ඉදිරිපත්  කර තිබෙනු දැකිය හැක.

සම්පූර්ණ නාටකයම රඟ දැක්වෙන්නේ Helmer නමැති මිනිසා ගේ ගෘහය තුලයි. Torvald Helmer, සහ ඔහුගේ බිරිඳ Nora, Krogstad සහ Dr. Rank මෙහි එන ප්‍රදාන චරිත වෙති. නත්තල උදාවත් ම ඇති වන සිදුවීම් පෙළක් සම්බන්දව කතාන්තරය දිග හැරෙයි.

අතරමැදියා ට තේරුණු විදියට නම් මෙම කතාව පුරාම ඇත්තේ Dominant Philosophy යන තේමාව හිස්මුදුම්වා ගත සමාජයක කාන්තාවට සිදු වෙන අඩන්තේට්ටම් සහ අසරණ වීම් ඉතා සියුම් ලෙස පෙන්වීමකි. එලෙසම  තමන්ගේ සතුට ලබන්නේ තවත් කෙනෙකුට දුකක් දීමෙන්ද ? එසේත් නෙතිනම් තම තමන්ගෙන්ම විමසා බලා තමන් සතුටෙන් සිටින්නේදැයි සිතීමට තරම් මෙම කලාකෘතිය රසවත් බව එකහෙලා පවසමි. 

කැමති  කට්ටිය මෙතනින් Download කරගන්න. 

0 comments:

Post a Comment