Thursday, July 29, 2010

මාරාන්තික ලවු උණ පැතිරීමේ අවදානමක්

මාරාන්තික ලවු උණක් මේ දවස්වල හෝකන්දර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
දැනටමත් මිනිස් ජීවිත 2ක් පමණ බිලිගත් මෙම මාරාන්තික උණ එක් අතරමැදියෙකු ටත් වැළඳී ඇත. මෙම  අතරමැදියාට රාත්‍රියේ නිදා ගැනීමේ දැඩි අපහුසුතාවයක් සහ දවල් හීන පෙනීම/මැවීම  ආදී රෝග ලක්ෂණ දැකිය හැකි බව අපගේ ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා. තවද ඔහු උදේ පාන්දර බසයට ගොඩ වෙන්නේද මෙම උණ පැතිරවූ සුරූපී තරුණියකගේ දවල් හීන බලන ගමනි. ඔහුට එම තරුණිය හැබැහින් දුටු කල ක්ලාන්ත ගතියක් ද ඇති වන බව අප සමග පැවසුවා. එම අතරමැදියාට අනුව එම තරුණියගේ දෙඇස් දෙස සිත් වශීකරවන හෙයින් ඇයගේ දෙනෙත් දෙස එකවර බැලීමෙන් මෙම උණෙන් අන්ධ විය හැකි බවද ඔහු තව දුරටත් පැවසුවේය.

තම කාර්යාලයට ගිය විගස ඔහු තම උණ පැතිරීමට සහාය වූ සගයකු ගෙන් උපදෙස් ගනී. එම උපදෙස්  එම උණට ගන්නා බෙහෙතක් බව අප සිතුවත් එය මෙම මාරාන්තික ලවු උණ තව තවත් වැඩි කරනා බව වෛද්‍ය මතය වී ඇත. එමනිසා ඔබගේ වටපිටාවේද මෙම මාරාන්තික ලවු උණ පෙතිරවන තරුණියන් සිටිය හැක. වහා ප්‍රවේශම් වන්න.




දැනට ලැබුන ආරංචි මාර්ග අනුව එම අතරමැදියා අසාධ්‍ය තත්වයේ පසුවෙන බව වාර්තා වෙනවා. ඔහුගේ එකම ගැලවීම එම තරුණිය ලවා මෙම උණ සුවපත් කර ගැනීමයි.

සැ.යු. මෙම රෝගය නිට්ටාවටම සුව කල හැක්කේ "විවාහ වීම" යන වස කුප්පිය තම දෙමව්පියන්ගේ අවසරය ඇතිව මිලදී ගත විට බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

6 comments:

පිස්සා පලාමල්ල said...

හපොයි හපොයි..... සුබ පතනව හික් හික්

Anonymous said...

බුදු අම්බෝ .....ඕක බෝවෙන එකක්ද ..සන්නිපාතයක්ද?

Anonymous said...

අතරමැදියටත් හරි වගේ...එල එල....ඔහොම යන්

Shadow/හේමලයා said...

මාට්ටු වෙලා වගෙයි අතරමැදිය අතරමගදිම..........සුබ පැතුම්.....:)

Anonymous said...

මොන පිස්සුද බන්.. ඔය උන හැදුනම ඒකට බෙහෙත් හොයන්න යන්න එපා... ඔය බෙහෙත් වල සයිඩ් ඉෆෙක්ට්ස් හෙනට තියෙනවා... හොඳම වැඩේ ටික කාලයක් යනකල් බෙඩ් රෙස්ට් එකක් ගන්න එක... ඉබේම හොඳ වෙනවා..
දෙවනි තුන්වෙනි පාරත් හැදුනොත් කලින් තරම් අමාරු වෙන්නේ නෑ...

අතරමැදියා said...

..කොහොමහරි ලෙඩේ හදාගත්තා.. සිකුරාදා හොඳටම වැඩි උනා අද වෙනකොට අති සාර්ථකයි!! :P අතරමැදියාට සන්තෝෂයි..සුබ පැතුම් වලට බොහොම ඉස්තුත්යි..!!

Post a Comment