Sunday, August 15, 2010

බඹර වළල්ල හා අතරමැදි සිංහල සිනමාව

සිංහල සිනමාව තරම් චා වෙච්ච දෙයක් ලංකාවේ වෙන නතුව ඇති කියා අතරමැදියා සිතයි.  එසේ සිතීමට මහා ඥානයක් හෝ බහුශ්‍රුත බවක් අවශ්‍ය යයි නොසිතමි. තුට්ටු දෙකේ, පියඹා යන සහ අලි වැඩ ඇති ෆිල්ම් වල රඟපාන අපේ ටැලන්ට් ඇති/නැති, කලාකරුවෝ යයි කියා ගන්නා අය සහ හැම රෙද්දටම ඉතා හොඳ පවුලේ  සැමට සතුටු විය හැකි යයි කියනා අයද සිටිති. කෙසේ වෙතත් අතරමැදියා  බඹර වළල්ල නමැති චිත්‍රපටිය බැලීමට ගියේද තවත් එක චිත්‍රපටියක් බැලීමේ අටියෙනි. MC එකේ තියෙන ක්‍රියාදාම චිත්‍රපටිය නොබැලුවේ බටහිර ක්‍රියාදාම චිත්‍රපටි සඳහා තියෙන අකමැත්තම නොවුනත් මුදල් නොමැති බව ඊට ඉහලින් ඔලුවේ  රැවු දුනු බැවිනි.

කෙසේවුවත් 2.30 show එකට අතරමැදියා ගියේ 2.45 ට පමණ වූ නිසා පලමු විනාඩි කිහිපය මගහැරුනි. එය අවුලක් වෙන එකක් නැති බව අතරමැදියා සිතුවත් පළමු බාගය නිමා වෙද්දී එම විනාඩි කිහිපය නොබැලු හෙයින් අතරමැදියාට කතාව අල්ලාගැනීමට මද වෙලාවක් ගියේය. මෙම ලිපියෙන් spoiler එකක් දෙනවට වඩා අතරමැදියා ට සිතුනු  දෙය මෙහි ලියා ඇති බව කිව යුතුයි .

 ඉතා රසවත් සහ මතක හිටින දෙබස් ඇතුලත් මෙම චිත්‍රපටිය මහේන්ද්‍ර පෙරේරා ගේඅපූරු රංගනයෙන් ඔප මට්ටම් වී ඇති බව පිළිගත යුතුමයි. අතුල ලියනගේ, ශ්‍රියන්ත මෙන්ඩිස්, දමිත අබේරත්න, වැනි හොඳ කලාකරුවන් රැසක් සිටිනා නිසා කිසිම විදියකින් වත් කතාව පිට යන්නේවත් නීරස වන්නේවත් නැත.
පොඩි එකා ගේ චරිතය සහ මැල් මහත්තයා ගේ හමුවීම මගින් කතාව ඇරඹෙන "අමුඩයේ සිට ඩෙනිමට" යන කියමන සනා කරවීමට ගත උත්සාහය ඇති සාර්ථක වී ඇති බව අතරමැදියා ගේ අදහසයි. මෙවැනි චිත්‍රපටිය කට රු 300/= , බැල්කනි ටිකෙට් එකක්  මිලදීගෙන Regal ශාලාවේ සෙනසුරාදා හවස බිලිදීම ජීවිතයේ අතරමැදියා ගත් හොඳ තීරණයක් වූ බව නොඅනුමානයි. 

ඔය කොයි ම දේටත් වඩා ඔය ඉහත කියන සිනමාව චා කරපු පුද්ගලයින් මෙවැනි චිත්‍රපටි නරඹා පොඩියට influence වනවා වත් දැකීම අතරමදියාගේ එක්තරා  සිහිනයක් විය හැක.

Tuesday, August 3, 2010

නූතනවාදී සතුට සහ තකතීරු දේව විශ්වාස

අතරමැදියා අද කියන්න යන්නේ අමුතු කතාවක්. පහල දැක්වෙන කතාව Trainspotting නම් වූ කතා පොතෙහි එන Renton නම් වූ පුද්ගලයාගේ දෙබසකි. ඔහු කියනා දෙය සංවේදී ඕනෑම කෙනෙක්ට වටහා ගත හැකි යයි අතරමැදියා සිතයි. මෙතැනදී සංවේදී යයි කීවේ බහුශ්‍රුත බවට නම් නොවේ. අතරමැදියා සිතන ආකාරයට නම් සංවේදී බව සහ බහුශ්‍රුත බව එකිනෙකට වෙනස් නමුත් පොදු අවයව ඇති සංකල්ප දෙකකි. පහත දැක්වෙන දෙබස කියවා බලන්න. එය ඇත්තේ නම් ඉංග්‍රීසියෙනි.



"Choose life. Choose a job. Choose a career. Choose a family. Choose a fucking big television, Choose washing machines, cars, compact disc players, and electrical tin openers. Choose good health, low cholesterol and dental insurance. Choose fixed- interest mortgage repayments. Choose a starter home. Choose your friends. Choose leisure wear and matching luggage. Choose a three piece suite on hire purchase in a range of fucking fabrics. Choose DIY and wondering who you are on a Sunday morning. Choose sitting on that couch watching mind-numbing sprit- crushing game shows, stuffing fucking junk food into your mouth. Choose rotting away at the end of it all, pishing you last in a miserable home, nothing more than an embarrassment to the selfish, fucked-up brats you have spawned to replace yourself. Choose your future. Choose life... But why would I want to do a thing like that?" 
  
මෙය මදක් සිතා බැලු කෙනෙකුට අප ගත කරනා මෙම කාලය ගැන කුමක් සිතෙන්ට ඇද්ද? අපිට ආගමක් සහ ජාතියක් ඇගේ ගසා අනුන් පෙරලමින් කෙසේ හෝ ජීවත්වීම ම නොවේද සමාජය විසින් හඳුන්වාදී ඇත්තේ?උදාහරණයක් ලෙස මදක් සිතා බලන්න කිසිම ආගමක් (බුද්ධාගමත් ඇතුළුව) නොදහමින් අපට මෙම ලාංකීය සමාජයේ පාරකටවත් බැසිය හැකිද කියා? මෙසේ කියමින් ආගමක් ගැන වැරදි අදහසක් දෙනවා යයි කෙනෙක් කීවද අතරමැදියා ට එහි වැරදි සොයනවාට වඩා වැඩ තිබේ. අතරමැදියා අසන්නේ අපට ආගමක අවශ්‍යතාවය කුමක් ද යන්නයි. 
 
අතරමැදියා සිතන විදියට මිනිසා කරදරයක පැටලුන විගස නොපෙනෙන බලවේග පස්සේ දුවයි. එහි ප්‍රතිපලයක් ලෙස විවිද ගස් ගල් වන්දනාමාන කිරීමඇරඹේ. එයින් අපහට ගැලවිය නොහැක. මන්දයත් එහි සබැ අරුතක් ඇති බවට අපගේ මොලවල් තුලට විෂබීජ එක්කර ඇති බැවිනි. අපගේ දූ දරුවන්ටද එම කතාවමය. වරක් අතරමැදියා සුරූපී ලඳුන් දක ගැනීම සඳහාම කතෝලික පල්ලියකට ගියේය. කිසිම දේව විශ්වාසයක් වත්, ඇදහිල්ලක් වත් නොමැති  අතරමැදියා පිරිස යාඥා කරද්දී  සිනා මුසු මුහුණෙන් සිටියේය. කෙසෙස් නමුත් අතරමැදියා ට සෙට් වෙච්ච දේකුත් නැත. එනමුත් හොඳ  අත්දැකීමක්  යයි සිතා අතරමැදියා බොක්කෙන්ම සතුටු විය. 

උදේ පාන්දර smoke up එකක් දැමු පමණින් අතරමැදියාට බයිබලයක් හෝ කුරානයක් ඉතා පහසුවෙන් ලිවිය හැක. බයිබලහි ඇත්තේ ඉතා රසවත් සුරංගනා කතා පමණකි. පන්සීය පනස් ජාතක පොතෙහිද තත්වය එසේමයි. කුරානය නම් මෙලෝ රහක් නැති සෙට් එකක් ලියා ඇති බව පෙනුණු නිසා අතරමගදී කියවීම නවතා දැම්මේය. 
 
තම ආගම සිරා නම් සහ එක තම ගොඩ යන එකම මග නම් සම ආගමකටම ගරු කිරීම මෝඩ කමකි. අනිත් ආගම්වල පිරිසත් තම ආගමට ගැනීම, ගොඩ යන මග ඇති එකම ආගමේ පරමාර්ථය විය යුතුමද? එසේත් නැති නම් අනෙක් ආගම් අදහන පිරිස ඔවුන් ඔවුන් ගේ ආගම අදහනවා යයි කියා තමා ගොඩ යන ආගම වැළඳ ගැනීම මිනිසෙකු වශයෙන් කරන හෙන කුහක කමකි. සිංහලයෙක් නම් එයත් කමක් නැත. මන්ද සිංහලයා තමන්ගේ එකාට සැලකීම ඉතා පහත ආකාරයෙන් කරන බවට ප්‍රසිද් නිසයි.  
 
 නූතනවාදී සතුට යනුවෙන් අදහස් කරනා දෙය අතරමැදියා ගේ ජීවන රටාව දන්නා කෙනෙකු හොඳින් දනී.නමුත් එය අතරමැදියාට සාපේක්ෂ බව කිව යුතුමයි. එම නිසා  නූතනවාදී සතුට තියා Normal සතුට වත් හරියට කියා දිය නොහැක. පුළුවන් කමක් තිබේ නම් Trainspotting චිත්‍රපටය නරබන්න. 
 
න්නකලින් මේකත් උපුටා දක්වන්න සිතුණා.

""I do not think that the real reason why people accept religion is anything to do with argumentation. They accept religion on emotional grounds. One is often told that it is a very wrong thing to attack religion, because religion makes men virtuous. So I am told; I have not noticed it." - Bertrand Russell
 
ආගම කවා ඇති. වදින එවුන්ට වදෙවා! අනිත් එවුන් බලල ආතල් ගනිත්වා!   

 

Monday, August 2, 2010

Hikka Fest සහ Colombo Death Fest

අපි හැමෝම දන්නා විදියට හික්කඩුවේ තමයි කවුරු කවුරුත් කියන විදියට happening weekend එක තිබ්බේ. නමුත් අතරමැදියා Colombo Death Fest එකේ නම් මාර අත්දැකීමක් ගත්තේ. ඒ වෙන කාරණයක් නිසා නම් නෙවෙයි, වෙනදා දකින gigs වලට වැඩ Colombo Death Fest gig එක වෙනස් වෙච්ච නිසා.
Hikka වලත් ෆන් එකක් ඇති. අතරමැදියාට ඒ ෆන් එක සෙට් වෙන්නේ නැති නිසා, Tyronne Silva ගේ ෂෝ එක බලන්න ගියා. එතුමා ගේ drumming නම් පිස්සු. මුලින් Progrssive/Melodic Metal ගහල අන්තිමට අපිට පෙන්නුවා German Tech. Death drumming කොයි වගේද කියලා.
අන්තිමට Tyronne අයියා කියපු කතාවෙන් අතරමැදියාට පොඩි ආඩම්බරයක් ද ඇති උනා අපේ මෙය පොඩි රටේ rock/metal කලාව ගැන . එක නම් හික්ක ගිහින් වැනසනවට වඩා ෆන්. 

"මට කියාගන්න බැභැ සන්තෝසේ ලංකාවේ metal අහන ගහන කට්ටිය දෙක්කහම " එහෙම  කියනවත්  එක්කම එතන හිටපු හැමෝටම මාර මොරාල් බූස්ට් එකක් ලැබුණු බව නම් නොකියා බැහැ

කොහොම වුනත් හික්ක ගිහින් ගන්න බැරි ෆන් එකක් ඊයේ හවස ගත්තා.  Tyronne අයියාට අතරමැදියාගේ හද පිරි සුබ පැතුම්. නැවත වරක් ලංකාවට පැමිණීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරමි.

වැඩි විස්තර අවශ්‍ය කෙනෙක් gig Review එකක් ඔනෙය් නම් මෙතනින් ගන්න