Showing posts with label Drumming. Show all posts
Showing posts with label Drumming. Show all posts

Tuesday, July 20, 2010

කව්ද මේ Tyronne Silva?

කොටින්ම කියනවනම් Tyronne Silva කියන්නේ ලංකාවේ ඉපදිලා ඦර්මනියේ Orth කියල Death metal බෑන්ඩ් එකක drums ගහන ලංකාවේ කොල්ලෙක්. Tyronne Silva මේ දවස්වල ලංකාවේ Drumming ගැන workshop කරනා බව ආරංචි වුන නිසා සහ අතරමැදියා කැමති සංගීතයක් නිසාවෙන් අද මෙම පොස්ට් එක Tyronne සිල්වා ගැන ලියවෙනවා.

Tyronne සිල්වා ජූලි 27 , 1973 නාත්තන්ඩියේ උපත ලබා ඇත.  කුඩා කල සිටම drums ගැන උනන්දුවක් ඇතිවූ  මොහු drums සෙට් එකක් නොමැති නිසා පෑන් සහ පැන්සල් වලින් මේසෙට ගහ ගහ තමයි ඉඳල තියෙන්නේ. කොහොමින් කොහොමහරි තේ කොළ පෙට්ටියකට ටෙනිස් බෝල පෙඩල් එකක්ද , snare එකට බකට් එකක්ද, percussions වලට Coke cans , cymbals වලට සිහින් ලෝහ තීරු සවි කරගෙන  අමාරුවෙන් සාදාගත් drum සෙට් එක යහළුවෙක් ගෙන් ගහන හැටි ඉගෙන ගෙන පසුව  බෑන්ඩ් එකක ගහපු බව myspace පිටුවේ සන්ධහන් වෙලා තියෙනවා.

අවුරුදු දහාටේ දී ඔහු ඦර්මනියට ගොස් වැඩි දුර drums ගැන ඉගෙනගත් මොහු දැන්  ලංකාවේ show එකක් ද කිරීමට බලාපොරොත්තු වෙනවා . තියෙන්නේ Clancy's එකේ..දවස අගෝස්තු පළවෙනිදා. කොහොමවුනත් එන අයට නම් මේක අමතක නොවෙන අත්දැකීමක් වෙයි. ඒ ගැන වැඩි විස්තර මෙතනින් ගන්න..



Tyronne අය්යාගේ වැඩ බලන්න..