Sunday, June 27, 2010

LOST සහ අතරමැදි අපි...

LOST කියලා මෙගා ටෙලිවෘතාන්තයක් පහුගිය සති දෙකකට කලින් නිමා වුනා.අතරමැදියෙක් වශයෙන් මම නරඹපු සිරාම ටෙලිවෘතාන්තයක් තමයි lost.

මෙම ටෙලිවෘතාන්තය සේසොන් හයකින් සමන්විත වුනා.කතාව කොච්චර සිරාද කියනවනම් මම ආපහු මුල ඉදන් බලනවා. තමන්ගේ සැබෑ තත්වය හංගාගෙන ලැබුන ජීවිතය ගැටගහගෙන ජීවත් වෙන මිනිසුන් පිරිසක් ගැන තමයි තනිකර කතාව. විවිධ සංස්කෘතියන්,විවිධ ජාතීන්, ආගම් සහිත මිනිසුන් කරදර දුක් ගැහැට සමග ජීවිතය ගෙන යන අයුරු ඉතා හොඳින් මෙම රූප මාලාවෙ සකස් කර ඇත.

විටෙක ජීවත් වීමෙ ප්‍රශ්නාර්තය ඉතා හොඳින් මතු කරන ටෙලිවෘතාන්තය, විටෙක ප්‍රේක්ශකයා දෙසට ඇඟිල්ල දිගු කර ඔහුගෙන් ආගම සහ එහි අරුත පවා ප්‍රශ්න කරයි.තවද එය මානුශීය හැඟීම සහ කෙනෙකුගෙ විචඣ්ශණ ඥාණය උරගා බලයි. ඊට හොඳම උදාහරණය වන්නේ "Dharma Initiative" project එක උපහාසාත්මක අයුරකින් ආගමකට සමාන කිරීමයි.තවද එකිනෙකට වෙනස් වූ චරිත හා ඔවුනොවුන්ගේ සම්බන්දතා සමග ඇති වන හැල හැප්පීම්වලින් මිදීම සහ බලාපොරොත්තුවේ මායාව සිහිනයක් ම වන අයුරු මෙම කතාවෙන් කදිමට පෙන්වයි.

ජීවිතයේ ඇති අනිත්‍ය බව සහ පිලිතුරු වලට උත්තර සෙවීම පමණක් ජීවත් වීමම නොවන බව J.J.Abrahms
අපට පෙන්වා දීමට සමත් වෙයි.

මෙම කතාව කෙනෙකුට මාර boring වෙන්නත් පුලුවන්. එහෙත් තව කෙනෙක්ට මේක මසුරන් වගෙ වටින story line එකක්. Character centric ටෙලි බලනවනම් සෙට් වෙයි.

ඔබ How i met your Mother බලනවනම් ඔබට LOST සෙට් වෙන එකක් නැත.මෙහෙම කිව්වට ඉතින් වැඩ බැරි දාස වෙලා හරි යන්නෙත් නැහැනේද?

කැමති නම් Download here

0 comments:

Post a Comment