Friday, June 25, 2010

පළමු පෙම..හෙවත් Hello World!





අතරමැදියාගේ බ්ලොග්කරණයට මම ඔබව සාදරයෙන් පිලිගනිමි. මා මෙම බ්ලොග් සඃස්කෘතියට නවකයෙක් බැව්ද මාගේ මෙම අතරමැදි වීම සිඃහල බ්ලොග්කරණයට ඇති බලවත් ආශාව නිසා බැව්ද කරුණාවෙන් සලකනු මැනවි.


පලවෙනි ලිපිය නිසාවෙන්ම, පොඩි කාලයේ ඉගෙන ගත්ත සීගිරියේ කුරුටු ගී යක් කවියක් මට මතක් උනා..

බුදල්මි
සියොවැ ආමි

සීගිරි බැලුවෙමි
බැලූ බැලූ සෑම කෙනා කවි ලීයෙන්
නොලීමි..


බුදල්මි තරම් කවියෙක් නොවන නිසාවෙන්, මම කවි නොලියමි. ඇත්තම කියනවනම් මම වැඩ බැරි දාස යෙක්මි. එහෙත් වැඩ බැරි දාස වගෙ ට්‍රයි නොකර ඉන්නෙද නැත.නිකමා සහ වැඩ බැරි දාස අතර අතරමැදියා දකින වෙනස එයයි. එම නිසාවෙන්ම මා වැඩ බැරි දාස සහ නිකමා අතර අතරමැදියෙක් වෙමි.(සැ.‍යු.මෙහි පලවන ලිපි සියල්ල අතරමැදියෙකුගෙ කෝණයකින් දකින සිදුවීම් සහ ඇසෙන සිදුවීම් ආශ්‍රිතව ලියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න )

බුදල්මි ට කවි ලිවීමට තරම් දක්ශයකු නොවිය හැක. නමුත් ඔහු නිකමෙක් නොවේ. ඔහු වැඩ බැරි දාස යෙකුත් නොවේ.මන්ද ඔහු ට්‍රයි කර ඇති නිසාවෙන්. එමනිසා ඔහු අතරමැදියෙක් ද?


තීරණය කාශ්යප රජු සතුව තිබෙන්ට ඇත. නමුත් සිඃහල බ්ලොග් කරනයේ ඔහු අද සිටියා නම්? තීරනය අප සතුද? ඔහු සතු ද?

තීරණයකින් වැඩක් තියෙයි ද?

0 comments:

Post a Comment