අමතක වෙන නිසා මේ සින්දු ටික මේකේ දාල, ට්‍රිප් එක යද්දී අහන්න ඕනේ . :P
වෙන හොඳ ඒවා තියෙනවනම් පින් අයිති වෙයි පල්ලෙහයින් දාන්න. හොඳ playlist එකක් හදාගන්න හිතුණා එකයි.
අතරමැදියා
ජීවිතය සහ සමාජගත ජීවත් වීමේ කලාව අතර අතරමං වීමට දරන බ්ලොග්මය උත්සාහයක්
Monday, January 10, 2011
Sunday, January 9, 2011
අනේ මන්ද.com
ලංකාවේ MC එක ඉස්සරහ හිය්යෙන් FUCK YOU! කියලා phone එකෙන් කාට හරි බැන්නොත් අපේ කට්ටිය එම පුද්ගලයාව දේවත් වයේ ල සලකනවා. මොකද kadda හොඳයි නේ. බැරි වෙලාවත් සිංහලෙන් කුනුහරුපයක් කිව්වොත් ඒ මනුස්සය ඉවරයි.
ලංකාවේ ශේප් එකේ ජීවත් වෙන අපි වගේ කට්ටියට ඒ කියන්නේ මේ Campus යන්න තරම් ම මොලයක් නොමැති, නමුත් ශේප් එකේ මොලයක් ඇති, ගෙදරට චා නොවී (පොළොවට බරක් නොවී) සල්ලි මිටි ගණන් ගැන සිහින දකිමින් දවසේ 8-5 වැඩ කරලා, කන්න තියෙන කටු/කැපිලි ඔක්කොමත් කාලා හවස හීනියට දෙකක් දාගෙන ගෙදර ගිහින් සින්දුවක් අහල/ ගහල හෝ මලක් කඬල තනි අර්තල් එකක් අරන් බුදිය ගෙන අර්පහු ඊළඟ දවසෙත් එකේම repeat telecast දාන කට්ටියක් ව එකවර අතරමැදියට මතක් විය.
මතක් උන කියල එච්චරට දෙයක් කියන්න නැති උනත්, ඔය ඉහත සඳහන් කල ජීවිත ගත කරන කට්ටිය, තව අවුරුදු දෙක තුනක් ඔහොම ඉඳීවි. ඉඳල පවුල් පන්සල් වෙලා අර්පහු ගෙවල්/බැංකු නය ගෙවා ගෙවා තව අවුරුදු 30 ක් 40 ක් ජීවත් වේවි. ඊට පස්සේ මුණුබුරන් ගේ දරු සුරතල් බල හෝ නොබලා හෝ ඉන්න තෙනකින් (බොහෝවිට මහලු මඬමකින්) චුත වේවි.
හරි ඔක්කොම හරි. දැන් එතකොට ඊට පස්සේ? දැන් ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද අපහු උපදින්නේ කියන එක.( බොහෝ ආගම් වලට අනුව) පින් කලොත් සැප කනේ. නැත්තම් බඬූ packet ලු. එහෙම තම අපේ Extremist Buddhist ල ඔක්කොම කියන්නේ. කොහොම හරි එකත් පැත්තකින් තියමු. කාටද ජීවත් උණින් පස්සේ මතක තියෙන්නේ? ඉන්න ටිකේ ජීවත් වෙන ටික විතරනේ මතක. එතකොට දැන් මරණින් මතු ජීවිතය අපායට ගියොත්? එකත් ඉතින් මැරුණට පස්සේ බලාගමු කියලා කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්නයි තියෙන්නේ. දැන් එතකොට අපායේ යන්නත් දිවය ලෝකේ යන්නත් Cut off ලකුණු තීරණය කරන්නේ කව්ද? දෙවි කෙනෙක් කියලා නං කියන්නෙපා ඉතින්. දන්නේ නැති මගුල් වලට හෙම දාම අපේ කට්ටිය දෙවිවරු ගේ නම් දාල උන් දීපු දෙයක් කියලා. මොනරු විසිවෙනවා. ආගමික නායකයා රජ වෙනවා.
අනේ මන්ද. මේවාට අතරමැදිව අපිත් CCTV camera ඉදිරියේ Act කොරනවා.

Friday, November 12, 2010
Manzer ලංකාවට වැඩම කරයි!!
![]() |
Manzer Gig poster |
Manzer යන ප්‍රංශ Black/Thrash metal band එකේ ආසියානු සංචාරයට අපේ ලංකාවද ඇතුලත් වෙලා තියෙනවා. මෙම ප්‍රසංගය ලාංකීය heavy metal කලාවේ තවත් එක් සංධ්ස්ථානයක් වනු නියතයි. ගිය වසරේ ලංකාවට පැමිණි ඇමරිකානු As i Lay dying සංගීත කණ්ඩායම සහ මැද පෙරදිග Nervecell සංගීත කණ්ඩායම් මෙන් මෙම ප්රසංගයද සාර්ථක වනු දැකීම අතරමැදියාගේ පරම සතුටකි. කෙසේ වෙතත් Funeral in Heaven නම් වූ සුවිශේෂ Hela black Metal කණ්ඩායමෙහි මැදිහත් වීමෙන් මෙම ප්‍රසංගය 14 වන ඉරුදින කොළොඹ හත Clancy's Pub and Restaurant යන ස්ථානයෙහි පස්වරු 4 සිට පැවැත්වීමට නියමිතයි.
කැමැත්තෝ පැමිනෙත්වා!! මෙතනින් බලන්න gig trailer එක..
Sunday, October 24, 2010
Rob Zombie නම් වූ මාරයාගේ භුමිකාව
1965 ජනවාරි 12 වැනිදා උපත ලැබූ Robert Bartleh Cummings නම් වූ දක්ෂ සංගීතඥයා, අද්යක්ෂකවරයා ගේ චිත්‍රපට දෙක තුනක් එක දිගට නැරබීමට අවස්තාවක් අතරමැදියාට ලැබුණි.
House of 1000 Corpses The Devil's Rejects සහ The Haunted World of El Superbeasto එම චිත්‍රපට වෙයි. මෙම චිත්‍රපට සියල්ල horror/gore ගණයට අයත් වන බැවින් එය horror නොබලන කිසිවකුට රෙකමදාරු නොකරන්නට අතරමැදියා වග බල ගතිමි .
ආසියානු horror චිත්‍රපට වලට සමගාමීව Zombie ගේ චිත්‍රපටවලද හොඳ කතාවක් ඇති බවද එය පිටතින් බලා තීරණයකට එළඹිය නොහැකි වීමද මෙහි විශේෂත්වයකි. කෙසේ වෙතත් මනුෂ්‍යාගේ ඇති කාලකන්නි කම, උද්ධච්ච බව සහ තවත් කෙනෙකු පහත කොට සැලකීම හා එහ සමග බැදුණු ක්‍රෝධය සහ පලිගැනීම් මොහුගේ චිත්‍රපට තුල අන්තර්ගතව ඇත. හොඳ නරක පිටතින් හදුනාගත නොහැකි තත්වයකට ප්‍රේක්ෂකයා අද දැමීමට Rob Zombie සමත් ව ඇති බව සහ ස්ථානොචිත දෙබස්, කැපිලි කෙටිලි ආදී නොයෙකුත් දේ අඩංගු කර තැනුණු මෙම චිත්‍රපට Grindhouse ආකාරයක් ගෙන ඇති බවද පෙනේ.
The Lords of Salem 2011 දී තිරගත වීමට නියමිතව ඇත. එයත් ඉතා හොඳ නිර්මාණයක් වනු නියතයි.

Labels:
gore,
grindhouse,
horror,
Rob Zombie
Sunday, August 15, 2010
බඹර වළල්ල හා අතරමැදි සිංහල සිනමාව
සිංහල සිනමාව තරම් චා වෙච්ච දෙයක් ලංකාවේ වෙන නැතුව ඇති කියා අතරමැදියා සිතයි. එසේ සිතීමට මහා ඥානයක් හෝ බහුශ්‍රුත බවක් අවශ්‍ය යයි නොසිතමි. තුට්ටු දෙකේ, පියඹා යන සහ අලි වැඩ ඇති ෆිල්ම් වල රඟපාන අපේ ටැලන්ට් ඇති/නැති, කලාකරුවෝ යයි කියා ගන්නා අය සහ හැම රෙද්දටම ඉතා හොඳ පවුලේ සැමට සතුටු විය හැකි යයි කියනා අයද සිටිති. කෙසේ වෙතත් අතරමැදියා බඹර වළල්ල නමැති චිත්‍රපටිය බැලීමට ගියේද තවත් එක චිත්‍රපටියක් බැලීමේ අටියෙනි. MC එකේ තියෙන ක්‍රියාදාම චිත්‍රපටිය නොබැලුවේ බටහිර ක්‍රියාදාම චිත්‍රපටි සඳහා තියෙන අකමැත්තම නොවුනත් මුදල් නොමැති බව ඊට ඉහලින් ඔලුවේ රැවු දුනු බැවිනි.
කෙසේවුවත් 2.30 show එකට අතරමැදියා ගියේ 2.45 ට පමණ වූ නිසා පලමු විනාඩි කිහිපය මගහැරුනි. එය අවුලක් වෙන එකක් නැති බව අතරමැදියා සිතුවත් පළමු බාගය නිමා වෙද්දී එම විනාඩි කිහිපය නොබැලු හෙයින් අතරමැදියාට කතාව අල්ලාගැනීමට මද වෙලාවක් ගියේය. මෙම ලිපියෙන් spoiler එකක් දෙනවට වඩා අතරමැදියා ට සිතුනු දෙය මෙහි ලියා ඇති බව කිව යුතුයි .
ඉතා රසවත් සහ මතක හිටින දෙබස් ඇතුලත් මෙම චිත්‍රපටිය මහේන්ද්‍ර පෙරේරා ගේඅපූරු රංගනයෙන් ඔප මට්ටම් වී ඇති බව පිළිගත යුතුමයි. අතුල ලියනගේ, ශ්‍රියන්ත මෙන්ඩිස්, දමිත අබේරත්න, වැනි හොඳ කලාකරුවන් රැසක් සිටිනා නිසා කිසිම විදියකින් වත් කතාව පිට යන්නේවත් නීරස වන්නේවත් නැත.
පොඩි එකා ගේ චරිතය සහ මැල් මහත්තයා ගේ හමුවීම මගින් කතාව ඇරඹෙන "අමුඩයේ සිට ඩෙනිමට" යන කියමන සනාථ කරවීමට ගත උත්සාහය ඇති සාර්ථක වී ඇති බව අතරමැදියා ගේ අදහසයි. මෙවැනි චිත්‍රපටිය කට රු 300/= , බැල්කනි ටිකෙට් එකක් මිලදීගෙන Regal ශාලාවේ සෙනසුරාදා හවස බිලිදීම ජීවිතයේ අතරමැදියා ගත් හොඳ තීරණයක් වූ බව නොඅනුමානයි.
ඔය කොයි ම දේටත් වඩා ඔය ඉහත කියන සිනමාව චා කරපු පුද්ගලයින් මෙවැනි චිත්‍රපටි නරඹා පොඩියට influence වනවා වත් දැකීම අතරමදියාගේ එක්තරා සිහිනයක් විය හැක.

බඹර වළල්ල,
සිංහල සිනමාව
Tuesday, August 3, 2010
නූතනවාදී සතුට සහ තකතීරු දේව විශ්වාස
අතරමැදියා අද කියන්න යන්නේ අමුතු කතාවක්. පහල දැක්වෙන කතාව Trainspotting නම් වූ කතා පොතෙහි එන Renton නම් වූ පුද්ගලයාගේ දෙබසකි. ඔහු කියනා දෙය සංවේදී ඕනෑම කෙනෙක්ට වටහා ගත හැකි යයි අතරමැදියා සිතයි. මෙතැනදී සංවේදී යයි කීවේ බහුශ්‍රුත බවට නම් නොවේ. අතරමැදියා සිතන ආකාරයට නම් සංවේදී බව සහ බහුශ්‍රුත බව එකිනෙකට වෙනස් නමුත් පොදු අවයව ඇති සංකල්ප දෙකකි. පහත දැක්වෙන දෙබස කියවා බලන්න. එය ඇත්තේ නම් ඉංග්‍රීසියෙනි.
"Choose life. Choose a job. Choose a career. Choose a family. Choose a fucking big television, Choose washing machines, cars, compact disc players, and electrical tin openers. Choose good health, low cholesterol and dental insurance. Choose fixed- interest mortgage repayments. Choose a starter home. Choose your friends. Choose leisure wear and matching luggage. Choose a three piece suite on hire purchase in a range of fucking fabrics. Choose DIY and wondering who you are on a Sunday morning. Choose sitting on that couch watching mind-numbing sprit- crushing game shows, stuffing fucking junk food into your mouth. Choose rotting away at the end of it all, pishing you last in a miserable home, nothing more than an embarrassment to the selfish, fucked-up brats you have spawned to replace yourself. Choose your future. Choose life... But why would I want to do a thing like that?"
උදේ පාන්දර smoke up එකක් දැමු පමණින් අතරමැදියාට බයිබලයක් හෝ කුරානයක් ඉතා පහසුවෙන් ලිවිය හැක. බයිබලහි ඇත්තේ ඉතා රසවත් සුරංගනා කතා පමණකි. පන්සීය පනස් ජාතක පොතෙහිද තත්වය එසේමයි. කුරානය නම් මෙලෝ රහක් නැති සෙට් එකක් ලියා ඇති බව පෙනුණු නිසා අතරමගදී කියවීම නවතා දැම්මේය.

මෙය මදක් සිතා බැලු කෙනෙකුට අප ගත කරනා මෙම කාලය ගැන කුමක් සිතෙන්ට ඇද්ද? අපිට ආගමක් සහ ජාතියක් ඇගේ ගසා අනුන් පෙරලමින් කෙසේ හෝ ජීවත්වීම ම නොවේද සමාජය විසින් හඳුන්වාදී ඇත්තේ?උදාහරණයක් ලෙස මදක් සිතා බලන්න කිසිම ආගමක් (බුද්ධාගමත් ඇතුළුව) නොඇදහමින් අපට මෙම ලාංකීය සමාජයේ පාරකටවත් බැසිය හැකිද කියා? මෙසේ කියමින් ආගමක් ගැන වැරදි අදහසක් දෙනවා යයි කෙනෙක් කීවද අතරමැදියා ට එහි වැරදි සොයනවාට වඩා වැඩ තිබේ. අතරමැදියා අසන්නේ අපට ආගමක අවශ්‍යතාවය කුමක් ද යන්නයි.
අතරමැදියා සිතන විදියට මිනිසා කරදරයක පැටලුන විගස නොපෙනෙන බලවේග පස්සේ දුවයි. එහි ප්‍රතිපලයක් ලෙස විවිද ගස් ගල් වන්දනාමාන කිරීමඇරඹේ. එයින් අපහට ගැලවිය නොහැක. මන්දයත් එහි සබැ අරුතක් ඇති බවට අපගේ මොලවල් තුලට විෂබීජ එක්කර ඇති බැවිනි. අපගේ දූ දරුවන්ටද එම කතාවමය. වරක් අතරමැදියා සුරූපී ලඳුන් දැක ගැනීම සඳහාම කතෝලික පල්ලියකට ගියේය. කිසිම දේව විශ්වාසයක් වත්, ඇදහිල්ලක් වත් නොමැති අතරමැදියා පිරිස යාඥා කරද්දී සිනා මුසු මුහුණෙන් සිටියේය. කෙසෙස් නමුත් අතරමැදියා ට සෙට් වෙච්ච දේකුත් නැත. එනමුත් හොඳ අත්දැකීමක් යයි සිතා අතරමැදියා බොක්කෙන්ම සතුටු විය.
උදේ පාන්දර smoke up එකක් දැමු පමණින් අතරමැදියාට බයිබලයක් හෝ කුරානයක් ඉතා පහසුවෙන් ලිවිය හැක. බයිබලහි ඇත්තේ ඉතා රසවත් සුරංගනා කතා පමණකි. පන්සීය පනස් ජාතක පොතෙහිද තත්වය එසේමයි. කුරානය නම් මෙලෝ රහක් නැති සෙට් එකක් ලියා ඇති බව පෙනුණු නිසා අතරමගදී කියවීම නවතා දැම්මේය.
තම ආගම සිරා නම් සහ එක තම ගොඩ යන එකම මග නම් සෑම ආගමකටම ගරු කිරීම මෝඩ කමකි. අනිත් ආගම්වල පිරිසත් තම ආගමට ගැනීම, ගොඩ යන මග ඇති එකම ආගමේ පරමාර්ථය විය යුතුමද? එසේත් නැති නම් අනෙක් ආගම් අදහන පිරිස ඔවුන් ඔවුන් ගේ ආගම අදහනවා යයි කියා තමා ගොඩ යන ආගම වැළඳ ගැනීම මිනිසෙකු වශයෙන් කරන හෙන කුහක කමකි. සිංහලයෙක් නම් එයත් කමක් නැත. මන්ද සිංහලයා තමන්ගේ එකාට සැලකීම ඉතා පහත ආකාරයෙන් කරන බවට ප්‍රසිද්ධ නිසයි.
නූතනවාදී සතුට යනුවෙන් අදහස් කරනා දෙය අතරමැදියා ගේ ජීවන රටාව දන්නා කෙනෙකු හොඳින් දනී.නමුත් එය අතරමැදියාට සාපේක්ෂ බව කිව යුතුමයි. එම නිසා නූතනවාදී සතුට තියා Normal සතුට වත් හරියට කියා දිය නොහැක. පුළුවන් කමක් තිබේ නම් Trainspotting චිත්‍රපටය නරබන්න.
යන්නකලින් මේකත් උපුටා දක්වන්න සිතුණා.
""I do not think that the real reason why people accept religion is anything to do with argumentation. They accept religion on emotional grounds. One is often told that it is a very wrong thing to attack religion, because religion makes men virtuous. So I am told; I have not noticed it." - Bertrand Russell
ආගම කෑවා ඇති. වදින එවුන්ට වැදෙවා! අනිත් එවුන් බලල ආතල් ගනිත්වා!
Labels:
religion,
Trainspotting
Monday, August 2, 2010
Hikka Fest සහ Colombo Death Fest
අපි හැමෝම දන්නා විදියට හික්කඩුවේ තමයි කවුරු කවුරුත් කියන විදියට happening weekend එක තිබ්බේ. නමුත් අතරමැදියා Colombo Death Fest එකේ නම් මාර අත්දැකීමක් ගත්තේ. ඒ වෙන කාරණයක් නිසා නම් නෙවෙයි, වෙනදා දකින gigs වලට වැඩ Colombo Death Fest gig එක වෙනස් වෙච්ච නිසා.
Hikka වලත් ෆන් එකක් ඇති. අතරමැදියාට ඒ ෆන් එක සෙට් වෙන්නේ නැති නිසා, Tyronne Silva ගේ ෂෝ එක බලන්න ගියා. එතුමා ගේ drumming නම් පිස්සු. මුලින් Progrssive/Melodic Metal ගහල අන්තිමට අපිට පෙන්නුවා German Tech. Death drumming කොයි වගේද කියලා.
අන්තිමට Tyronne අයියා කියපු කතාවෙන් අතරමැදියාට පොඩි ආඩම්බරයක් ද ඇති උනා අපේ මෙය පොඩි රටේ rock/metal කලාව ගැන . එක නම් හික්ක ගිහින් වැනසෙනවට වඩා ෆන්.
"මට කියාගන්න බැභැ සන්තෝසේ ලංකාවේ metal අහන ගහන කට්ටිය දෙක්කහම " එහෙම කියනවත් එක්කම එතන හිටපු හැමෝටම මාර මොරාල් බූස්ට් එකක් ලැබුණු බව නම් නොකියා බැහැ.
කොහොම වුනත් හික්ක ගිහින් ගන්න බැරි ෆන් එකක් ඊයේ හවස ගත්තා. Tyronne අයියාට අතරමැදියාගේ හද පිරි සුබ පැතුම්. නැවත වරක් ලංකාවට පැමිණීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරමි.
වැඩි විස්තර අවශ්‍ය කෙනෙක් gig Review එකක් ඔනෙය් නම් මෙතනින් ගන්න.

Subscribe to:
Posts (Atom)