Wednesday, July 28, 2010

අතරමැදියා ගේ ලෝක විනාසේ !!

ඉස්සර අර හාවාගේ කතාවේ තල් කොලයක් උඩට  දෙල් ගෙඩියක් වැටිලා හාවා ගිහින් මුළු කැලේටම කියනවා "ලෝකේ පෙරළෙනවා! දුවපියවූ !!..බෙරගනිවූ.!!" කියලා. ඇත්තටම එහෙම වුනේ නැති  වුනත් කවදාහරි මේ ඔක්කොම නැති වෙලා යන එක නම් ටිකක් විතර ෂුවර් කතාවක්.

කොහොමවුනත් අද මේ පොස්ට් එක ලියන ගමන් ඉන්දෙද්දී හෙට හවස 5 ට විතර මුළු විශ්වයම big bang එකක් වෙලා, විනාශ වෙලා, අෂුවක් වත් ඉතුරු වෙන්නේ නැහැ කියලා කිව්වොත් අපේ මිනිස්සු මොනවා කරයිද? ඊටත් වැඩ මොනවා නො කරයිද? කොහොමහරි අතරමැදියා නම් ෂුවර් එකටම හන්දියට දුවලා හොඳ බයිට් ටිකක් අරන් ඇවිත් ලෝකේ විනාස වෙනකම් යහළුවොත් එක්ක සින්දු කියලා අන්තිම ආතල් එකත් අරන්ම තම චුත වෙන්නේ.මේවා ඔක්කොම දාල යන්න වෙන එක ගැන පොඩි දුකක් වත් ඒ දුක පෙරලලා දාමින් පොඩි නිදහස් වීමේ සතුටක් හිතට එනවා.

හෙට හවස 5 ට ඔක්කොම ඉවර වෙන නිසා, හැමෝටම කියන්න වෙන්නේත් නැති නිසා යාළුවන්ට Facebook එකේ thank කරලා යවනවා පොඩි මැසේඦ් එකක්. අවසාන වශයෙන්  හරියටම 5 ට චුත වෙන්නත් ඕන නිසා හොඳට සප්පායම් වෙලා මගේ හිත ගිය එම සුරූපිනියට මගේ හදපිරි ආදරය ප්‍රකාශ කරනවා. (කැමති වුනත් නැතත් අවුලක් නැහැ නේ දෙන්නම නැති වෙනවා නේ!!)

5:00 PM - එක පාර මහා ශබ්දයක් ඇසී මුළු අහසම කළුවර වී යයි. උල්කාපාත කැබලි පොළොවට පතිත වන අතර මහා පොලොව දෙබෑ වෙයි. හුස්ම ගැනීමට අපහසු වෙයි. ඔක්සිජන් නැති වී යයි.

5.45 PM - සියල්ල සිදුවී හමාරය. ඉන්පසු යලිත් තවත් කොහේ හෝ ජීවය ඇතිවෙයි. මුල්ම ජීවියා, ඩයිනෝසරයා, වඳුරා, දඩයම් යුගය, ගොවි යුගය ආදිය නැවත ඇති වෙයි. මිනිසා දියුණු වෙයි. ඉන්ටර්නෙට් ඇතිවෙයි, ගූගල් සොයාගනියි ...........................................................






අතරමැදියා යලි බිහි වෙයි....

4 comments:

nasha said...

he he eka nam mara idea eka.ahemath hodaine,heta marenawanam ada thina hodama widiyata hithe nidahase inna puluwanine....

පිස්සා පලාමල්ල said...

අදහස නම් හොඳයි. පෝය දවසක් වගේ උනොත් තමයි අවුල... බෝතලයක් වත් ගන්න බැහනේ හික් හික්.....

අතරමැදියා said...

එක තමයි ආදර්ශය : හෙට මලත් අද ස්ටොක් කරගෙන ඉන්නේ. ලේස්ති වෙලා :P

Anonymous said...

සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙනෑ.

Post a Comment