Sunday, October 24, 2010

Rob Zombie නම් වූ මාරයාගේ භුමිකාව

1965 ජනවාරි 12 වැනිදා උපත ලැබූ Robert Bartleh Cummings නම් වූ දක්ෂ සංගීතඥයා, අද්යක්ෂකවරයා ගේ චිත්‍රපට දෙක තුනක් එක දිගට නැරබීමට අවස්තාවක් අතරමැදියාට ලැබුණි.

House of 1000 Corpses  The Devil's Rejects  සහ  The Haunted World of El Superbeasto එම චිත්‍රපට වෙයි.  මෙම චිත්‍රපට සියල්ල horror/gore ගණයට අයත් වන බැවින් එය horror නොබලන කිසිවකුට රෙකමදාරු නොකරන්නට අතරමැදියා වග බල ගතිමි .

ආසියානු horror චිත්‍රපට වලට සමගාමීව Zombie ගේ චිත්‍රපටවලද හොඳ කතාවක් ඇති බවද එය පිටතින් බලා තීරණයකට එළඹිය නොහැකි වීමද මෙහි විශේෂත්වයකි. කෙසේ වෙතත් මනුෂ්‍යාගේ ඇති කාලකන්නි කම, උද්ධච්ච බව සහ තවත් කෙනෙකු පහත කොට සැලකීම  හා එහ සමග බැදුණු ක්‍රෝය සහ පලිගැනීම් මොහුගේ චිත්‍රපට තුල අන්තර්ගතව ඇත. හොඳ නරක පිටතින් හදුනාගත නොහැකි තත්වයකට ප්‍රේක්ෂකයා අද දැමීමට  Rob Zombie සමත් ව ඇති බව සහ ස්ථානොචිත දෙබස්, කැපිලි කෙටිලි ආදී නොයෙකුත් දේ අඩංගු කර තැනුණු මෙම චිත්‍රපට Grindhouse ආකාරයක් ගෙන ඇති බවද පෙනේ.

The Lords of Salem 2011 දී තිරගත වීමට නියමිතව ඇත. එයත් ඉතා හොඳ නිර්මාණයක් වනු නියතයි.